Hot News
ශිෂ්‍යත්වයේ අයදුම් පත් භාරගැනීම අද සිට
ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව ජුනි මස 14වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ජුනි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය අවසන් කෙරෙන…
ඊශ්‍රායලය ට රොකට් ප්‍රහාර එල්ලවෙයි
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය වෙත පලස්තීන හමාස් සටන්කාමීන් විසින් රොකට් ප්‍රහාර එල්ලකළ බව වාර්තා වෙයි. මාස හතරකට පමණ කාලයක් තුළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ලකර ඇත්තේ පළමු වරටය. හමාස් සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන් රෆා ප්‍රදේශයේ සිට එම ප්‍රහාර එල්ලකළ බවයි.
ආනන්ද පෙරේරා දිවියෙන් සමුගනී
මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම එතුමා විසින් මෙහෙයවීය.
කැලණි සහ කළු ගංගා අවදානම් මට්ටමට
කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය…
කොළඹ පාරවල් කිහිපයක් අදත් වැසෙයි
කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද දෙරණ වෙත පැවසුවේ අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව මෙලෙස මාර්ග කිහිපයක් වසා තබන බවය. ඒ අනුව බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර…
IPL අවසන් මහා තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වේ. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරය. එම තරගය චෙන්නායි හිදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි. මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇත. සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන් තරග 08ක් ජයගෙන…
කාලගුණයෙන් මුහුද ගැන රතු අනතුරු ඇඟවීමක්
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටාවන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවය….
ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්
මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි. දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය…
IPL කුසලානය කාටද ?
මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ සමත්විය. ඒ අවසන් තරග වටයේ තුන්වැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමිනි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත් තුත්වැනි අවස්ථා මෙය වන අතර මෙවර IPL අවසන් මහ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම…
අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස්
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ට දැනුම්දෙයි. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ බව පැවසීය. වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.