Hot News
පළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමු වේ. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු…
රටම කතාවෙන Starlink ගැන රජයෙන් දැනුම්දීමක්
“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා,…
වාහන ආනයනය ගැන මහ බැංකුවේ ස්ථාවරය
වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (28) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති…
මැතිවරණය කල්දැමීම සුදුසු නැහැ – නාමල්
මැතිවරණ කල්දැමීම කිසිම ප්රජාතන්ත්රවාදයකට යහපත් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බවය. ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද…
Onmax මුදල් නැවත ගෙවීමේ ක්‍රමය අධිකරණයට දන්වන්නැයි නියෝග
Onmax පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්යක්ෂවරුන්…
අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් ගැන රජය තීරණයක් ගනී
සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිට…
වෙළෙඳපොළ පොලි අඩුකළ යුතුයි – ශ්‍රී ලංකා මහ බැංකුව
වෙළෙඳපොළ පොලි අනුපාතික අඩුකිරීම සඳහා තවදුරටත් අවකාශ පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම අඩුකිරීම අනිවාර්යෙන්ම ඉතා ඉක්මණින් වෙළෙඳපොළ පාරිභෝගිකයින්ට මූල්‍ය ආයතන විසින් ලබා දෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් පැවසීය. මේ අතර අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මූල්‍ය ආයතන…
වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින්…
කම්කරු නීති වෙනස් නොකරන්නැයි රජයට ඉල්ලීමක්
නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්රමිතීන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මඟින් කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන යෝජිත නව…
මහ බැංකු පොලී අනුපාත ගැන තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට…