Hot News
උසස් පෙළ විභාගය සැලසුම් කළ ලෙසම
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉකුත් මාර්තු මස ගත් තීරණයට අනුව උසස් පෙළ විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන විටත් අවසන් කර ඇති…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහින්ද සිරිවර්ධන යළි වැඩ භාරගනී
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර…
මැදගොඩ අභයතිස්ස හිමිගෙන් අනතුරු ඇඟවීමක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා. එහෙම අර්බුදයක් නැත්නම් හොඳයි. තිස් වසරක් මරාගත්තු…
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කරයි
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අද (19) අනුමැතිය ලබාදී තිබේ. ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.
තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමුකරන බවත් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ඝනපූර්ණ සීනුව…
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරේ
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි.
10වන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ
10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාවය. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ය.
නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.
පොහොර සහනාධාර ප්‍රමාදයට හේතුව හෙළිවෙයි
පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර වීමට ප්‍රමාද වී ඇත්තේ පරිගණක පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ දිනයේදීම නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇති බව සදහන් කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට අදාළ වාර්තාවක් ඊයේ (19) දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දීමට නියමිත…
ගෑස් සිලින්ඩරේ ගිනි ගනී – රවීගේ නිවසට ආරක්ෂාව
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ. ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි. ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී…