Hot News
සා පෙළ විභාගය අද ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ විය විභාගය අද සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතය. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වන…
රටම දන්න බන්ධනාගාරයට සුපිරි හෝටලයක්
බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු සංකීරණයක්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත අතර වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ…
සුපිරි නළුවෙක් දිවියෙන් සමුගනී
ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය. ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු එක්කළ විශිෂ්ඨ රංගනය ලෝකයේම කතාබහට ලක්විය.
බිත්තර ගැන රජයෙන් අලුත් තීරණයක්
මෙරට බිත්තර මිල පාලනය කිරිම සදහා යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය. ඔහු පෙන්වාදෙන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබාදී ඇති බවය.
වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයෝ
වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු…
ඉදිකෙරෙන මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසකි. ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරුවේ මෙම කොන්ක්‍රීට් ආධාරකය කඩා වැටී ඇති බවය.
සහල් ඉල්ලා ග්‍රාමනිලධාරිනියගේ කන පළයි
සහනාධාර සහල් ලබානොදුන් බව පවසමින් ග්‍රාම නිලධාරිනියකට පහරදුන් බව කියන කාන්තාවක් කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිසියට ලද පැමිණිල්ලක් මත 28 හැවිරිදි අදාළ කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අංක 711 පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ වැඩබලන ග්‍රාම නිලධාරිනිය ලෙස කටයුතු කළ පනාපිටිය උතුර ග්‍රාම නිලධාරිනිය මෙලෙස පහරකෑමට ලක්ව ඇති…
බ්‍රසීලයේ ආපදා මරණ තවත් ඉහළට
දකුණුදිග බ්‍රසීලයට හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රදේශයට බලපෑ දරුණු කුණාටු තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම ආපදා තත්ත්වය හටගෙන ඇත. ඒ හේතුවෙන් පුද්ගලයින්…
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුබ ආරංචියක්
ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි. නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකර ඇති බව සඳහන්…
ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය
අද (05) අලුයම සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලීසිය කීය. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, පරත්ත පාරේ පදිංචිව සිටි 17 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි. පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන ඇති…