Headlines

    ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවත් ඉහළට

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, “වැඩි අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව අපේක්ෂා කරන බව සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල…

    Read More

    ගෑස් මිල පහල බසියි.

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ. ඒ අනුව 12.5kg ලාෆ්ස්ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත.  එහි නව මිල රුපියල් 3,840කි. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර  ඇති අතර එහි නව මිල 1,542කි. රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල…

    Read More

    සුප්‍රකට ඇපල් සමාගමේ අලෙවිය පහත වැටෙයි

    අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත. මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබේ….

    Read More

    කොත්තු, රයිස් මිලේ වෙනසක්

    ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා පැවසීය. මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු…

    Read More

    ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහන් මෙම නිවේදනය අදාළ වන බවය. ඒ අනුව එහි දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග…

    Read More

    සා. පෙළ විභාග අපේක්ෂකයින්ට ID කන්තෝරුවෙන් දැනුම්දීමක්

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේ විවෘතව තැබේ.  සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8:30 සිට පස්වරු 1.00 දක්වා විවෘත කරනු ඇත. මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්…

    Read More

    පාසල්වල තෙවන අදියරේ ආරම්භය මැයි 20

    2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ වන අතර එය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    Read More

    ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

    මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි.

    Read More

    පරාටේ නීතිය ගැන ගත් අලුත්ම තීරණය

    පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසටද නිර්දේශ කර ඇති බවය. ඒ ඇනුව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය ගැනුම්කරුවන්…

    Read More

    බස් ගාස්තු වෙනස් නොවෙයි

    ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි. එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි…

    Read More