Headlines

    රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම අද

    මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31වන ගුණ සැමරුම අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වුණි. 1993 වසරේ මැයි 01 වනදා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානකර තිබූ මැයි දින ‍පෙළපාළියට එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස…

    Read More

    සිමෙන්ති මිලේ වෙනසක්

    අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ. එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය.

    Read More

    සයිනොපෙක් මිලත් වෙනස්වෙයි – සංශෝධිත මිල ගණන් මෙන්න

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 365කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 420කි. එසේම රුපියල් 27කින් ඔටෝ…

    Read More

    ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක – ජනපති

    ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වනවිට ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය කම්කරු දින පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයෑමේ වගකීම සියලුදෙනාටම පැවරෙන බවය. සමූහිකත්වයෙන් යුතුව වැඩකිරීම මගින් එය ජයගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති…

    Read More

    ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

    1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි. කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින්…

    Read More

    ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

    අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව නීතිඥවරයෙකු විසින්…

    Read More

    කොළඹ උද්ධමනය වැඩි වෙයි

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේ වාර්තා වූ 3.8% සිට 2024 අප්‍රේල් මාසයේදී 2.9% ක් දක්වා පහළ ගොස් ඇත. ආහාර නොවන කාණ්ඩය 2024…

    Read More

    නැගෙනහිර ලන්ඩනයේ හදිසි තත්ත්වයක්

    කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.        මේ හේතුවෙන් Hainault දුම්රිය ස්ථානය වසා දමා තිබේ. තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි

    Read More

    හූති කැරළිකරුවන් නැවතත් ත්‍රාසය පතුරුවයි

    ඉන්දීය සාගරයේ සහ රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකා හතරකට යේමනයේ හූති කැරළිකරුවන් විසින් ප්‍රහාර එල්ලකොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරයේ යාත්‍රා කරමින් තිබූ MSC Orion නම් බහාලුම් ප්‍රවාහන නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබුණි. හූති කැරළිකරුවන් පවසන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර සඳහා ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය හා සම්බන්ධතා ඇති යාත්‍රා සඳහා ඔවුන්…

    Read More

    යාචකයන් පිළිබදව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

    මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළේය. සිඟමන් යදින පිරිස් සඳහා මුදල් ලබාදීමෙන් වැළැකී සිටියහොත් ඔවුන් එම ස්ථානයන් වෙත නොපැමිණෙන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

    Read More