Hot News
ප්‍රදේශ කිහිපයකට අදත් ගිගිරුම් සහිත වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි. තව ද ඌව…
කොරෝනා මරණ 37ක්..
තවත් කොරෝනා ආසාදිත මරණ 37ක් පසුගිය 29 වන දා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සලඳහන් කළේය. ඔහු විසින් ඊයේ (01) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 12 දෙනා කාන්තාවන් වන අතර අවුරුදු 30 ට අඩු එක් ආසාදිතයෙකු ද සිටී. තව ද අවුරුදු 30 –…
කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ දෙන්නේ නැහැ – චීන ජනපති..
බාහිර කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ නොතබන බවත් එවැනි උත්සාහ දරන්නන්ට චීන ජනතාවගේ යකඩ මහා ප්‍රාකාරය හමුවේ හිස කුඩු කර ගැනීමට සහ ලේ වගුරුවන්නට සිදුවනු ඇති බවටත් චීන ජනාධිපතිවරයා ඊයේ (01) අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළ ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සර උත්සවයට එක්වෙමින්ය. විදෙස් මාධ්‍ය…
ව්‍යාපාරික ප්‍රජාවට අගමැතිගෙන් පණිවිඩයක්..
සේවා ස්ථාන වන සේවකයින් ඉවත් නොකර ඔවුන් රැක ගනිමින් කොරෝනා වංසගතය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු කර්මාන්තකරුවන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ, අරලියගහ මන්දිරයේදී පැවැත්වන ලද ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට එක්වෙමිනි. එහි දී බැංකු…
වී මිල දී ගැනීම ඇරඹේ..
මෙරට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කන්න දෙකෙන් එකක් වන යල කන්නයේ වී මිල දී ගැනීම අද (01) ආරම්භ විය. ඒ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම දිස්ත්‍රික්ක 19 ක අද (01) සිදු කිරීම ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා සඳහන් කළේ, යල කන්නයේ වී අසවනු නෙළීම මඩකලපුව,කිලිනොච්චි…
ප්‍රදේශ කිහිපයකට තද වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ…
සයිනොෆාම් මාත්‍රා මි. 2 ක් ලබන සතියේ..
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව එම තනාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත ද මෙරට හදිසි…
රටවල් 6 කින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර නැහැ – විල් ගුවන් සේවා අධිකාරිය..
එළඹෙන ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී ඇති බව සඳහන් වේ. ඒ අනුව බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානය යන රටවල මඟීන් මෙලෙස ගොඩ බැසීමට අවසර ලබා නොදෙන රටවල් ලයිස්තුවට ඇතුළත්…
මොඩර්නා කොවිඩ් එන්නත ඉන්දියාවේ හදිසි භාවිතයට අවසර..
මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර දී තිබේ. අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා මර්දන එන්නත, ඉන්දියාව සිය පුරවැසියන්ට ලබාදීම සඳහා අනුමත කළ සිව්වැනි එන්නතය. ඉන්දියාව තුළ මේ වන විටත් කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් එන්නත්කරණය සඳහා යොදා ගනු ලබයි. මොඩර්නා එන්නත, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව, අධ්‍යයනයකින් තහවුරු වී ඇති අතර…
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 ඉක්මවයි..
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියේය. ඒ පසුගිය 28 වන දා මෙරටින් කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමගය. ඒ අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවු අය සෞඛ්‍ය අංශ සඳහන් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බවයි….