Hot News
විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා දිවයිනට..
ශ්‍රී ලංකා – එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට තරග තහනමකට ලක් කර සිටින නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ඊයේ(29) යළි දිවයිනට පැමිණි තිබේ. ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළට පැමිණී ඔවුන් තිදෙනා පසුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය…
මියගිය කැස්බෑ සිරුරක් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි..
ඊයේ (29) දින මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට මියගිය කැස්බෑවකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබිණ. එම කැස්බෑවගේ බර කිලෝග්රෑම් 50 අධික බව වාර්තා වේ. පසුගිය මස 22 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත්වීමත් සමග මාසයක පමණ කාලයක සිට දිවයිනේ දකුණු වෙරළ තීරයට මෙලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු සත්ත්වයින් ගොඩ ගැසීම…
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි..
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මගින් පළ කිරීමත් සමග මෙසේ සිය ඉල්ලා අස්වීම සිදු කර ඇති බවයි. ඔහු සිය ඉල්ලා අස්වීම…
බස් හා දුම්රිය ගමන්වාර ඉහළට..
අද (28) සිට ක්‍රියාත්මක වන පරිදී බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ගමන් වාර 70ක් අද (28) දිනයේ සිට අලුතින් ක්‍රියාත්මක වන බවත් අන්තර් පළාත් දුම්රිය ධාවනය කිරීමට මේ දක්වාත් අවසර ලබා දී නොමැති බවත්ය. තව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි…
අද සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් ඇරඹේ..
අද (28) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් නැවත ආරම්භ කරන බව එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව E- Channelling සේවා මගින් වේලාවක් වෙන් කර ගත් සේවාලාභීන්ට පමණක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාව අද (28) ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඒ අනුව ගිඟුරුම්…
නිරෝධායන රෙගුලාසි සංශෝධනය කෙරේ..
විදේස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර ඇත. එළඹෙන ජුලි මස 01 වැනි දා සිට ජුලි මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම රෙගුලාසි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, වෙළෙඳ නාවිකයින්ට, නාවික ආරක්ෂකයින්ට, ද්විත්ව පුරවැසියන්ට, සංචාරකයින්ට සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයින්ට…
කොලොම්බියා ජනපතිට වෙඩි ප්‍රහාරයක්..
කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් හා තවත් ප්‍රභූන් කිහිප දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි,ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලා දේශසීමාව ආසන්නයෙන් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානයට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ජනාධිපතිනරයට අමතරව එරට ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු එම යානයේ සිටි බව සඳහන්…
පුද්ගල මළ සිරුරක් කැලණි ගඟේ…
අත් පා ගැට ගසා දමන ලද පුද්ගල මළ සිරුරක් නවගමුව, රණාල ප්‍රදේශයේදී කැලණි ගඟේ පා වෙමින් තිබියදී ඊයේ (26) සවස හමු විය. වයස අවුරුදු 54 ක් පමණ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගන ඇති අතර හමුවූ මළ සිරුර හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකුගේ බවට අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ මළ සිරුරේ දෑත්…
මීට වසර ලක්ෂයකට පෙර ජීවත් වූ මානව වර්ගයක් සොයා ගනී..
මීට වසර ලක්ෂයකට පමණ පෙර ජීවත් වූ මානව වර්ගයක පොසිල කොටස් ඊශ්‍රායලයේ රම්ලා නගරයේ තිබී සොයාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට වසර එක් ලක්ෂ 40,000ත් එක් ලක්ෂ 20,000ත් අතර කාලයකට පෙර ජීවත් වූ පුද්ගලයෙකුගේ අර්ධ හිස් කබලක් සහ හකු කොටසක් පර්යේෂකයින් විසින් සොයාගනු ලැබ ඇති බවයි. ඒ අනුව එම අලුතින් සොයාගත් හිස් කබල අයත්…