Hot News
මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි..
පසුගිය 22 වනදා කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේය. එම අධීකාරයි සඳහන් කළේ, ගින්න නිවා දමා ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලය විසින් බවයි. MSC මෙසීනා නෞකාව දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක්…
ඇමෙරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටේ – පුද්ගලයින් 100 ක් අතුරුදන්..
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී නගරයේ මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 100 ක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මියගිය එක් අයකුගේ සිරුරුක් සොයා ගෙන ඇති බවයි. මියාමී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයින් කොපමණ…
ජනපති අද ජාතිය අමතයි..
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව අද (25) රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. එහි දී ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා සහ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවිව විකාශය…
සංචරන සීමා ලිහිල් කෙරේ – මුහුණු ආවරණ පැළඳීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානයක්..
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00 ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, සංචරණ සීමා ඉවත් කළ ද ජනතාව එදිනදා කටයුතු කිරීමේදී අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසය. ඒ අනුව අද (25) දිනයේ මුහුණු ආවරණ පැළදීමට අදාළ නීතිය…
මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුර..
මෙරට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය. ඒ මහතා සඳහනක් කළේ,…
බ්‍රිතාන්‍ය නෞකාවකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර..
රුසියාව විසින් සිය මුහුදු සීමාව උල්ලංඝණය කළ බ්‍රිතාන්‍ය නෞකාවකට අනතුරු ඇඟවීමේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව රුසියාව සඳහන් කරයි. එම බ්‍රිතාන්‍ය යුද නෞකාව කළු මුහුද ඔස්සේ යාත්‍රා කර, ක්‍රිමියාව හරහා සිය මුහුදු සීමාව උල්ලංඝණය කර ඇති බව රුසියානු හමුදාව ප්‍රකාශ කළේය. රුසියානු හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ, එම අවස්ථාවේ දී රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් මගින් බ්‍රිතාන්‍ය…
කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි..
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදීය. මිය යන විට 71 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ අතර මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කරන ලදී. බුදවත්ත ගුරුකුලය මුලික කරගනිමින් දේශීය උඩරට නර්තන කලාවට ජීවය ලබාදුන් පරපුරක සාමාජිකයෙක්…
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි..
මෙරට බෞද්ධ ඉතිහසායේ වැගත්ම සංධිස්ථානයක් වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින අදට (24) යෙදී තිබේ. එ දවස ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජු හා ඉන්දීය අධීරාජ්‍ය ධර්මාශෝක රජු අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 237 දී මෙරටට වැඩම කරනු ලැබුවේ අද වැනි පොසොන්…
තැපැලෙන් වාර්තාගත දෛනික ආදායමක්..
තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක් දිනක් තුළ දී ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. ඒ මහතා පැවසුවේ, ඊයේ (22) දින තුළ පමණක් රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව උපයා ඇති බවයි. එම මුදලින් රුපියල් කෝටි 22 ක්ම උපයා ඇත්තේ, විදුලි බිල් අයකිරීම් මගින් බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන්…
සංචරණ සීමා පැනවෙන ආකාරය..
පසුගිය 21 වන දා අළුයම ලිහිල් කල සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වෙයි. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එය 25 වන සිකුරාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බවයි. එහි දී යළිත් 25 වනදා අලුයම 04.00ට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වනු ඇති අතර පළාත් අතර සංචරණ සීමා…