Hot News
ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු – ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්..
අද(21) රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මීලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා හමන සුළං තත්ත්වයේ ද වැඩි වීමක් ද අපේක්ෂා කළ හැකි බවයි. එහි දී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ…
සංචරණය සීමා කෙරෙන කාලයේ සියලු දෙනා නිවෙස් තුළ රැඳී සිටින්න – යුද හමුදාපති..
අද (21) මධ්‍යම රාත්‍රි 11 සිට 25 වැනි අගහරුවාදා උදෑසන 4.00 දක්වා කාලය තුළ දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව 25 වැනි අඟහරුවාදා උදෑසන 4 ට එම සංචරණ සීමා ඉවත් කර නැවත එදිනම රාත්‍රි 11.00 සිට 28 වැනිදා උදෑසන 4.00 දක්වා සංචරණ සීමා පනවන…
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නේ නැහැ- බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්..
රටේ පවතින වසංගත අවදානම් තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. අද දින (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙිදී වෙසක් උත්සවය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. එහි දී කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ, වෙසක් උත්සවය අංශ ගණනාවක් ඔස්සේ සම්බන්ධ වූ ඉතා පුළුල් වැඩසටහනක් බවත්,…
ඊශ්‍රායල හා හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සටන් විරාමයක..
ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව එම කාලය කොන්දෙසි විරහිතව ක්‍රියාත්මක විය යුතු බව, සටන් විරාමය තහවුරු කරමින් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පෙරට සාපේක්ෂව මෙවර ගාසා තීරයේ පැවති ගැටුම්වලදී සිය හමුදා හොඳ ප්‍රගතියක් ලබා ඇති බව ඊශ්‍රායල…
දිවයින අවට සුළං තත්ත්වයේ වැඩිවීමක් – ඉදිරි දින කිහිපයේ යළි වැසි වැඩි වන ලකුණු..
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ අද (21) දින සිට ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට…
චීනයෙන් එන්නත් මාත්‍රා මි. 14ක්..
ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපති ක්වි ෂෙන්හෝං මහතා අතර ඊයේ (19) පැවති හමුවකදී මෙරට කොරෝනා පාලනය සිදුවන ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බවයි. ඒ අනුව චීනයේ…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 3,623ක්..
ගෙවුණු දිනය (19) තුළ කොවිඩ් අසාදිතයින් 3,623 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 32 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
විනාඩි 25 ක් තුළ ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් – ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි..
ඊශ්‍රායල හමුදා විසින් විනාඩි 25 ක කාලයක් තුළ හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2007දී හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමෙන් පසු මේ උමං මාර්ග නිර්මාණය කළේ, සටන්කාමීන්ට සැඟවීමට, ආයුද ජාවාරම් කිරීමට හා පැහැර ගැනීම් සිදු කිරීමට බව…
සීදුවේ ඉදිකළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට..
සීදූව ප්‍රදේශයේ ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේ ය. පෞද්ගලික ආයතනයක් විසින් යුද හමුදාව වෙත ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වාට්ටු 03කින් සමන්විත අතර මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම්…
12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල අද..
30 වසරක් පුරා මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කරමින් නිදහස් හා නිවහල් දේශයක් වෙනුවෙන් තම දිවි කැප කළ දේශප්‍රේමීන් අනුස්මරණය කරමින් 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියස දී අද (19) පස්වරු 4.15 ට පැවැත්වේ. ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු හමුදා…