Hot News
ඉන්දීය උඩු ගුවනේ සැමරූ මගුල් ගේ..
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා මාරයාගෙන් බේරීමට ලෝකවාසී ජනතාව විවිධ උත්සාහයන් ගනිමින් සිටින වටපිටාවක් තුළ පසුගිය දා කොරෝනා මරණ ලක්ෂ 3 ඉක්මවූ එමෙන්ම ලොව දෙවන තැනට ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අදටත් මිනිස් ජීවිත කොරෝනා මාරයාට බිලි වන ඉන්දියවෙන් පනවා ඇති නීති රීති පවා නොතකමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය…
‘යාස්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩා වදී – පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත..
‘යාස්’ චණ්ඩ සුළි කුණාටුව ඊයේ (26) දහවල් ඉන්දියාවට කඩා වැදුණු අතර පැයට කිලෝමීටර් 140ක වේගයකින් එය ගොඩබිමට කඩා වැදුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් ඔඩීෂා ප්‍රාන්තයට හා බටහිර බෙංගාල වෙරළබඩ ප්‍රදේශවල නිවාස ලක්ෂ 03කට පමණ හානි සිදුව ඇති බවයි. කුණාටුවේ අවදානම හමුවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත…
X-Press Pearl නැව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වන ලකුණු? – දික්ඕවිට සිට හලාවත දක්ව මුහුදු තීරයේ ආරක්ෂක වැඩ පිළිවෙළක්..
පසුගිය 20 වන දා සිට මෙරට මුහුදේ ගිනිබත් වන X-Press Pearl නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවයි. මේ අතර වත්තල සිට මාරවිල…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. මේ අතර දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට…
X-Press Pearl නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා..
පසුගිය 20 වැනිදා කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9 . 5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ගිනි ගත් MV X-Press Pearl නෞකාවෙන් මුදාගෙන රෝහල්ගත කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි කොළඹ ජාතික රෝහල සඳහන් කරයි. ඒ ලෙස තුවාල ලබා ඇත්තේ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු බව වාර්තා වේ. පසුගිය…
වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද..
මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද(26) මෙරට ජනතාවට දිසවෙනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඒ, ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙසය. ජයරත්න මහතා සඳහන් කළේ, අද (26) පස්වරු 06.23 සිට පස්වරු 7.20 දක්වා සඳෙහි කොටසක පමණක් දීප්තිය තරමක් අඩු වී ඡායා චන්ද්‍රග්‍රහණය මෙරට…
‘යාස්’ හෙට ඉන්දියාවට කඩා වදී – දිස්ත්‍රික්ක කිහිපයකට වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. තව ද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද…
සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි..
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. සමස්ත බෞද්ධ සැදැහැවතුන්ගේ වටිනාම පුණ්‍ය උත්සවය වන මෙය, බෞද්ධ ජනතාව විසින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරනු ලබයි. ලොව පුරා බෞද්ධ ජනතාවට පවතින ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් මෙවර…
මැලේසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි – මගීන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබයි..
මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දුම්රිය අනතුරකින් 200 කට වැඩි මගීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙක් දුම්රිය මගීන් රහිතව ධාවනය වූ හිස් දුම්රියක් බවයි. නඩත්තු කටයුත්තකින් පසු…
‘යාස්’ සුළි කුණාටුව අද චණ්ඩ වේ – ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනය නාවලපිටියට..
දිවයිනට ඊසාන දිගින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ දත්තවල සඳහන් වේ. ඒ අනුව ‘යාස්’ නැමැති එම සුළි කුණාටුව අද (25) දිනයේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට (26) වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා…