Hot News
දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පැය 19කට ලිහිල් – සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කෙරේ..
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. යුද හමුදාපතිවරය ප්‍රකාශ කළේ, ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කරන බවයි. කෙසේ වෙතත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල මත්පැන් අලෙවි සැල් ද ජුනි 07 වැනිදා දක්වා වසා දැමිය යුතු…
දුම්රිය කිහිපයක් හෙට ධාවනයට සැලසුම් – දුම්රිය දෙපාර්තමේන්තුව..
දින 04 ක් පුරා පැවති සංචරණ සීමා ලිහිල් කිරීමට සමගාමීව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇතැයි, නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (23) සඳහන් කළේය. කෙසේ වෙතත් සංචරණ සීමා ලිහිල් වන හෙට(25) දිනයේ පොදු ප්‍රවාහන සේවා සඳහා අවසර හිමි නොවන බව, ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. ඊයේ (23) පැවති…
දිලීර ආසාදිත කොරෝනා රෝගියාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ ව්‍යාප්ත වන කළු දිලීරය නොවේ..
පසුගිය දා අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ දිලීර ආසාදිත කොරෝනා රෝගියාට ආසාදනය වී ඇත්තේ, ඉන්දියාවේ ව්‍යාප්ත වන කළු දිලීරය නොවන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය මැයි මස 04 වනදා අම්පාරේ පදිංචි වයස අවුරුදු 35ක් වයසැති දිලීර ආසාදිත කොරෝනා රෝගියා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 14 වනදා ජීවිතක්ෂයට පත් වූ අදාළ රෝගියාට…
ඉන්දියාවේ කොරෝනා මරණ ගණන ලක්ෂ 03 සීමාව අභිබවා යයි..
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 03 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා ගියේය. ඒ ගත වූ පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 4,452 ක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනයේ ඉන්දියවෙන් නව කොරෝනා ආසාදිතයින් 222,835ක් වාර්තා වූ අතර මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 303,751 කි. මේ වන…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි – නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න එපා..
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් යන පළාත්වලටත් ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවනු ඇති බව ත් දිවයිනේ ප්‍රදේශවල සුළං වේගය විටින් විට ඉහළ යා හැකි බවයි. ඒ…
මී උණ රෝගීන් 2,584ක්..
මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 2,584 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි. ඒ අනුව මෙම වසරේ වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 795ක් ඉකුත් මාර්තු මාසයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අප්‍රේල් මාසයේදී 704 දෙනෙකු ද ජනවාරි මාසයේදී…
ගෙවුණු දිනයේ මරණ 46 ක්..
ගෙවුණු දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 46ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1178ක් දක්වා ඉහළ ගිය බවයි. කොවිඩ් අසාදිතව මිය ගිය පුද්ගලයින් අතර 29 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ,…
ධීවර කටයුතුවල නොයෙදෙන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..
දිවයින වටා මුහුදු ප්‍රදේශය තුළ ධීවර කටයුතු අද (23) දින සිට නැවත දැනුම් දෙනතුරු නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී ලබා දී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉදිරි දිනයේ දී, නිරිත දිග මෝසම් කාළගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී….
තමිල්නාඩුව තවත් සතියකට LOCKDOWN..
ඉන්දියවේ තමිල්නාඩු ප්‍රාන්තය තවත් සතියක කාලයක් සඳහා එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මීට පෙර පනවා තිබූ Lockdown කාල සීමාව හෙටින් (24) අවසන් වීමට නියමිතව තිබුණි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් තවදුරටත් ඉහළ ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් ප්‍රාන්ත වැසියන් තවත් සතියක කාලයක් සඳහා නිවෙස් තුළටම සීමා කර තැබීමේ මෙම තීරණය ගත් බව ප්‍රාන්ත බලධාරීන්…
කොරෝනා මරණ 44ක්..
කොරෝනා මරණ 44ක් ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීය. එලෙස මියගොස් ඇත්තේ, ඇටවීගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදූව,මග්ගොන, මතුගම, වේයන්ගොඩ ,අතුරුගිය , සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වළල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ – 2,පොල්ගස්ඕවිට,…