Hot News
ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකය අධිවේගී මාර්ගයට බිලිවන ලකුණු? – පරිසරවේදීන් චෝදනා කරයි.
ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ පිහිටි වන ලැහැබකින් හමුවූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ගස පිහිටා ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේය. ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ මෙම ශාකය ඊයේ (08) දිනයේ මාර්ග සංවර්ධනයේදී එම ගස ඉවත් කිරීමට යන බවට සැලවීමත් සමග ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත්වීමෙන් එය…
සෑම කොවිඩ් -19 ආසාදිත පුද්ගලයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබා දෙනවා – වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි
සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කරයි. මේ වනවිට දිවයිනේ නන් දෙසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස දෛනිකව 600-800 අතර ප්‍රමාණයක් වාර්තා වූවත්, එම සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබාදීමට කටයුතු…
කොළඹ සහ ගම්පහ සම්පූණයෙන් විවෘත වේ – කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (08) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව බොරැල්ල පූගොඩ මිනුවන්ගොඩ අම්බලන්තොට උප ප්‍රදේශ කිහිපයක් හුදෙකලාව ඉවත් කර ඇති අතර මෙ සමග අද (08) සිට කොළඹ…
සඳුදා සිට මිල අඩු වන භාණ්ඩ – අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ක මිල අඩු වේ.
එළඹෙන සඳුදා (08) සිට මාස 3කට මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සතොස හා සමූපකාර හරහා පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම භාණ්ඩ මිල අඩු කිරීම පිළබඳ ඊයේ (05)වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව සදුදා සිට මිල අඩුවන භාණ්ඩ නම්,…
ප්‍රදේශ කීපයක හුදකලා තත්ත්වය ඉවතට- මතුගම ග්‍රාම නිලධාරී වසමක් හුදකලා වෙයි
අද (05) උදෑසන 10 සිට මාතලේ පොස්ලේන්, ඉසුරු මාවත හා එක්සත් ජනපදය යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇති බව කෙවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ය. තවද අද (05) උදෑසන සිට මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බොන්දුපිටිය 727 ග්‍රාම නිළදාරී වසම හුදකලා…
සිවිල් අකීකරුකම වර්ධනය වීමත් සමග මියන්මාර හමුදාව විසින් Facebook ප්‍රවේශය අවහිර කරයි
මියන්මාරයේ ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් – ෆේස්බුක් එරට ජනතාව විසින් විරෝධතා සංවිධානය කිරීමට භාවිතා කරන ලද අතර ඒ හේතුවෙන් එරට හමුදාව විසින් Facebook සහ Whatsapp සදහා ප්‍රවේශ වීම සීමා කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සූ කී රජය නෙරපා හැර දින කිහිපයකට පසු මියන්මාරයේ හමුදාව අන්තර්ජාල සේවා සපයන්නන්ට ෆේස්බුක් වෙත පිවිසීම අවහිර කරන ලෙස…
73 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි
වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි. එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම…
කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-03) – ඊයේ ආසාදිතයින් 715 යි මරණ 07 යි
අද දින (03) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු හදුනාගෙන ඇති ඒ සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (02) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 261 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 142 ක් ද…
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසදනය වී මිය ගිය පළමු වෛද්‍යවරයා – ගයාන් දන්තනාරායන
රාගම මහ රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී අද (02) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරේය. කොළඹ, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය…
සූචී අත්අඩංගුවට ගෙන මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගනී.
මියන්මාරයේ හමුදාව කුමන්ත්‍රණයකින් රට පාලන බලය අල්ලා ගෙන රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඊයේ (01) පාන්දර වැටලීම් වලදී අවුන් සාන් සූ කී සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවා තබා ගැනීමෙන් පසුව. මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගොන් හි වීදිවල මුර සංචාරයේ යෙදෙන පුළුල් අන්තර්ජාල හා සන්නිවේදන අවහිර කිරීම්, බැංකු වසා දැමීම සහ හමුදා සොල්දාදුවන්…