Headlines

    පාකිස්ථාන අගමැති ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක.

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව 2021 පෙබරවාරි 23-24 දිනවල දී ඒ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සිදු කිරීමට බලාපොරොත්තු වේ. එහි දී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…

    Read More

    මියන්මාර කුමන්ත්‍රණ විරෝධී විරෝධතාවයේ දී හිසට වෙඩි වැදුනු කාන්තාව මිය යයි – බලධාරීන් නඩුවක් විභාග කරන බව පවසයි.

    පසුගිය සතියේ මියන්මාරයේ පැවති කුමන්ත්‍රණ විරෝධී පෙලපාලිවලින් මියගිය පළමු විරෝධතාකාරිය බවට තරුණියක් පත්ව තිබේ. මියා ට්වේ ට්වේ කයිං වන ඇය ඉකුත් සතියේ අඟහරුවාදා (09) දින පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට තැත් කිරීමේදී හිසට වෙඩි වැදී තුවාල ලැබීය. එය සිදුවී ඇත්තේ ඇගේ 20 වන උපන්දිනයට දින දෙකකට පෙරය. මේ අනුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඇය ඊයේ (20)…

    Read More

    කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද පැය 16ක ජල කප්පාදුවක් – හෙට දිනයේදීත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (20) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් කොටිකාවත්ත, මුල්ලේරියාව…

    Read More

    ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.

    ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ. ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියළු ගුවන් ගමන් අක්‍රීය වීමත් සමඟ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිට වූ සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය නැවතත් අද…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-19) – වයස අවුරුදු 20 කාන්තාවකුත් මියයි (ඊයේ ආසාදිතයින් 514 යි මරණ 08 යි)

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 514 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 13 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 501 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණීමට තිබූ තහනම වහාම ඉවතට – “අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න” ජනපති කියයි.

    බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සංචාරකයින් කටයුතු කළ යුතු අතර සංචාරකයින් දිවයිනට පැමිණිමෙන්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-18) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම මරණ ඊයේ දිනයෙන් (ඊයේ ආසාදිතයින් 722 යි මරණ 13 යි)

    අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 9 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 713 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ජපන් රජය විසින් පොලිසියට පරිත්‍යාග කළ වාහන ඊයේ ජනපතිට භාරදෙයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් එම රථ වාහන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ…

    Read More

    කොළඹ ප්‍රදේශයේ ජනතාවට සීඝ්‍රයෙන් පැතිරෙන නව ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අංශ මගින් පණිවිඩයක්..

    කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බවයි. ඒ පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් කොවිඩ් -19 නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතිබැවින්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-17) – ඊයේ ආසාදිතයින් 756 යි මරණ 06 යි

    අද දින (17) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 172 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 168 ක්…

    Read More