Hot News
WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන…
දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට
නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ…
මගී බස් රථයක් සහ බහාලුම් රථයක එකිනෙක ගැටෙයි
කොළඹ – වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. ඊයේ (23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරත් සමග කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය.
අද කාලගුණය
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට…
විවාහවන වයස පොදු වයස් සීමාවකට ගෙන ඒමේ යෝජනාවක්
ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මූලිකත්වයෙන් පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු…
භාණ්ඩ කිහිපයක මිල පහළට
ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ. ඒ අනුව දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස අලෙවිසැල මගින් එම භාණ්ඩ පාරිභෝගිකයින්ට ඊයේ (22) සිට ලබා ගත හැකි බව නිවේනදය කරයි. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ශිතනා අමාත්‍යයංගයේ උපදෙස් පරිදි, මෙම මිල ගණනන් අඩුකර ඇත. ඒ අනුව රට කජු…
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ ගැසට් පත්‍ර කිහිපයකට අනුමැතිය
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපොල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව ඊයේ ( 21) රැස්වූ අවස්ථාවේදී මීට…
බහරේන් සහ ඕමාන් රාජ්‍යවල රැකියාවට යන අයට විශේෂ නිවේදනයක්
බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබේ. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කර ඇත. මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් පසුගිය 14 වනදා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබුණි….
ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්
ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන්ය. පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර…
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත…