Hot News
අම්පාරේ කුඹුරු අක්කර 3,000ක් යටවෙලා
අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු ඉඩම් අක්කර 3,000ක් පමණ ජලයෙන් යටවී ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වතුර බැසයාමේ අඩුවක් තිබෙනව බවට වාර්තා වන බවයි. ඊයේ (21) දින පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර අම්පාර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ…
ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස 20,000 ඉක්මවයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,300ක් වන බවය. එමෙන්ම ආපදාවට පත්ව ඇති පිරිස් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔහු පවසයි. “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට…
එකම ගිණුමකට බැරවෙන මාලිමාවේ මන්ත්‍රී දීමනා
ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. “නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වුණ ඒ ගමන අපි ඉස්සරහට පවත්වාගෙන යනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කරන අතර, ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් පැවසූ…
ආගමන හා විගමන පාලක අධිකරණයට රැගෙන එයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා…
අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙරට තාක්ෂණික, වෘත්තීය…
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතෙත්…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙහිවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට හානි සිදුවීමක් හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවය.
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරේ
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ ඊයේ (20) පස්වරු 4.00 සිට හෙට (21) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, යටවත්ත, උකුවෙල යන ප්‍රාදේශීය…
අධික වැසි හමුවේ ප්‍රධාන වැව් රැසක් වාන් දමයි
මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික…
කොළඹ කොටස් වෙළෙඳපොළින් ඊයෙත් වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් ඊෙය් (20) දිනයේ දීද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කරන ලදී. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37කින් ඉහළ…