Hot News
විදුලි ගාස්තු ගැන මහජන අදහස් ලබාගැනීම අද සිට ඇරඹෙයි
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ඇත. නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින්…
කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් වුණි. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.
මහින්දගේ ආරක්ෂක තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව
රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (26) BIG FOCUS වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ආරක්ෂක තත්ත්වයත් තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාව පවතින බවය. “මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන…
රට හාල් නිෂ්කාශන කටයුතු අද සිට යළි අරඹයි
නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය. රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික…
ලබන වසරේ පොලීසියේ ස්ථාන මාරු මාස 6කට කල්යයි
2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවැනි දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය එම වසරේ ජුනි මස…
විසි වසරකට පසු පැරෑලියේ දුම්රිය ගමන
සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි. පැරෑලියේදී එම ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයකි. එහි සිටින පිරිස, පැරෑලිය දුම්රිය ස්ථානයේදී මිනිත්තු 10ක් පමණ කාලකයක් නවතා සුනාමි සැමරුම සඳහා…
රාත්‍රී කාලයේ රථ වාහන නවත්වන ක්‍රමවේදයේ වෙනසක්
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර…
සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්
ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” අද සැමරීම සිදුකරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය. 2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන්…
විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට
මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. මේ වසරේ…
විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැන පොලිස් විමර්ශන
විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය. දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර,…