Hot News
ජිමි කාටර්ගේ අභාවය ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්
අමෙරිකානු හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ පිරිසට සහ ඥාතීන්ට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ. X සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ජිමි කාටර් මහතා සිය ජීවිතය පුරා මානව හිමිකම් සහ මානුෂීය කටයුතු වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුට 2002 දී නොබෙල්…
විදුලි ගාස්තු සංශෝධනය ගැන ඌව පළාතේ මහජන අදහස් විමසීම අද සිට
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන අදහස් විමසීම අද (30) ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතව තිබේ. ලබන වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දෙසැම්බර්…
2025 පාසල් පවත්වන දින ගණනේ වෙනසක්
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන්ය. රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමග රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල්…
අමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් මියයයි
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 100කි. අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි. වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X…
ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් කරන්න ජනපතිගෙන් උපදෙස්
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා මෙහිදී…
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සක්‍රිය සේවයට සමුදෙයි
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත. දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන ශවේන්ද්‍ර සිල්වා 2020 වසරේ ජනවාරි 1 වනදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය. ඔහු…
දුම්රිය ප්‍රමාදවීම්වලට සහ අවලංගුවීම්වලට හේතුව ගැන හෙළිදරව්වක්
දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ 50ක පමණ ඉතා අවම ප්‍රමාණයක් බව “අද දෙරණ” කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය එංජින් 70ක් පමණ අවශ්‍ය වෙයි. අවලංගු වීම් හෝ ප්‍රමාද වීම්…
සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කොරියාවෙන් රුපියල් බිලියන 2.4ක ආධාරයක්
ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂණය මත යෝජිත මෙමගින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශපත්‍ර කවුළුව ආදිය…
සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන්
අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙයි. ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වෙයි. සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර…
දකුණු කොරියානු ගුවන් අනතුරින් මිය ගිය පිරිස තවත් ඉහළට
පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ. කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත්…