Hot News
චෝලන් ලෝක වාර්තාව තැබූ සස්නුලගේ මීළඟ ඉලක්කය
“චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට 11 හැවිරිදි පාසල් සිසුවෙක් පසුගියදා සමත් වුණි. ඒ ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සස්නුල සෙහන්ස නම් සිසුවාය. ඔහු රූබික් කියුබ් 1200ක් භාවිත කරමින් ජනාධිපතිවරයාගේ රුව නිර්මාණය කොට එලෙස ” චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට සමත් විය. සස්නුලගේ මීළඟ ඉලක්කය වන්නේ රූබික් කියුබ් එක් ලක්ෂ විසිදහසක් භාවිත කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමටය.
අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්
අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවය. ඔහු මෙම අදහස්…
ගංවතුරෙන් කඩුවෙල යටවීම වැළැක්වීමට විශේෂ පියවරක්
කැලණි ගඟේ ගංවතුර හේතුවෙන් කඩුවෙල නගර සභා ප්‍රදේශ යටවීම පාලනය කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව ඒ අවට පහත් බිම් ගොඩ කිරීම සහ ඒ ආශ්‍රිත සිදුකෙරෙන වැලි කැණීම් කටයුතු පෙරේදා (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව තීරණය ගත් බව එම කමිටු සභාපති පාර්ලිමේන්තු…
නීතිවිරෝධීව රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ජනපතිගෙන් තීරණ රැසක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පැවැත්විණි. මෙහිදී මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන්තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට…
ටින් මාළු සඳහා පාලන මිලක්
ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින්මාළු එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් වේ. මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වන අතර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් ද වේ. තවද ජැක් මැකරල් ශුද්ධ…
මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්
දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබේ. මෙම මෙහෙයුම මගින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධවය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ. එහිදී මගී බස් රථ පරික්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරි යොදවා…
LTTEය සමග සටන් විරාමයකට ගිය හේතුව රනිල් කියයි
2001 වසරේදී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හමුවේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7වන අතල් බිහාරි වාජ්පායි දේශනයට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙහි ප්‍රධාන දේශනය පවත්වනු…
කුරුඳුවලින් රටට හොඳ කලක්
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ, දැනට…
උත්සව සමයේ කොළඹ කැළිකසළ වැඩිවෙයි
උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය අවසන් වනවිට ටොන් 500ක් දක්වා වර්ධනය වනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ පාලිත නානායක්කාර මහතා, “උත්සව සමය නිසා අපේ සාමාන්‍ය…
ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා – ආචාර්ය මන්මෝහන් සිං
ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා ගම්මානයක 1932 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබීය. අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ මන්මෝහන් සිං, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය අවසන් කළේය. ඉන් අනතුරුව හෙතෙම බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගැනීමට සමත් විය….