Headlines

    එජාප හිටපු නාගරික මන්ත්‍රීට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    මරදාන අලෙවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළේය. එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවීමෙන් අනතුරුව මෙම…

    Read More

    හිටපු ජනපති රනිල් ට අපරාධ චෝදනාවක් – ඩලස් ජනපති අනුරට ලියයි

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත….

    Read More

    ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබා දී තිබුණි.‍ 

    Read More

    වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

    වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේය. “මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක්…

    Read More

    නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද දින සිට උසස් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින්…

    Read More

    විභාග රාජකාරි දීමනා අඩුකර ඇති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක් 

    විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ විභාග කොමසාරිස් වරයා ඊයේ (08) නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති බවයි.  “මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින් පවතිනවා….

    Read More

    ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුමට ආ ජනපති කළ හෙළිදරව්ව 

    තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමිනි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවය. ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික…

    Read More

    ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදයක්

    සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන  ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය. කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23…

    Read More

    සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්

    සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති යූ.කේ සේමසිංහ මහතා සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය. “සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට…

    Read More

    මෙරට ආහාරවල තත්ත්වය ගැන නවතම හෙළිදරව්වක්

    ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙරට තැලසීමියා රෝගයේ සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් අතරින් සිදුකළ පරීක්ෂණයකින් තැලිසීමියා අගය…

    Read More