Hot News
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද (07) පස්වරු 2ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (08) පස්වරු 2ක දක්වා වලංගු වෙයි. ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි….
සතොසෙන් පොල් තුනයි හාල් කිලෝ 5යි
සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. එහිදී, එක් අයකුට වරකට පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් ලබාගත හැකි බව බව ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව, කොළඹ…
අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න
2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. එම ප්‍රමාණය රුපියල් බිලියන 220.06කි….
මාස 4කට රනිල් ට වෙන්කළ මුදලම ජනාධිපති අනුරටත් වෙන්කරලා – කබීර්ගෙන් චෝදනාවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ද වෙන්කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක වෙමින් එම…
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කළේය. ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම…
රශීඩ්ගෙන් ආයාචනයක්
තලේබාන් රජය එරට කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳ නැවත සලකාබලන මෙන් ඇෆ්ගනිස්තානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉල්ලීමක් කර තිබේ. ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව ලැබීම හා අර්ධ වෘත්තීය පුහුණුව ලැබීම තහනම් කරමින් තලේබාන් නායක හිබතුල්ලා අකුන්සාඩා පසුගිය සඳුදා නියෝගයක් නිකුත් කළේය. ඔහුගේ එම නියෝගයට ප්‍රතිචාර දක්වමින් රශීඩ් සිය ‘X’ ගිණුම හරහා මෙම ඉල්ලීම…
විදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්
විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල මහතා අද (05) පැවසීය. ඒ සම්බන්ධයෙන් 2022 මැයි 01 වනදා සිට 2023 සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කළ එම යෝජනාක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එම විගණනය සිදුකර තිබේ.
අතුරු සම්මත ගිණුම ගැන විවාදය ඇරඹෙයි
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තොරතුරු හෙළිකරමින් ඊට අදාළ විවාදය ආරම්භ කළේය. “අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්‍රාග්ධන…
අද කාලගුණය
මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී…