ColomboBuzz
බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් – හවසට තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (13) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…
හෙට පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇරඹේ
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුවන බවය. “හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 සඳහා යොමු කළ යුතු සියලූම නිලධාරීන් සහ…
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.5ක්
ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී තිබේ. එය ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%ක වර්ධනයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ඇතිවූ බලපෑම මත මෙම වර්ධනය සිදුවී ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි.
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්
මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය (14) හෙට පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354කි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත…
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය. ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අවසන් රැලියේ දී රිෂාඩ්ගේ සහ මස්තාන්ගේ ආධාරකරුවන් යකා නටයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් හට ගෙන තිබේ. ඊයේ (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වූ එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලීසිය පවසයි. හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ…
පොලීසිය සීරුවෙන්
මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවය. “මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක්…
වනිඳු ආබාධයකට ලක්වෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (13) ආරම්භවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු හසරංග සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඒ දෙරට අතර දඹුල්ලේදී පැවති දෙවැනි 20/20 ජාත්‍යන්තර තරගයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙනි.
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක්
2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත. මෙය 7.9% ක…