ColomboBuzz
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක තරගයක් අද
මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව තිබේ. B කාණ්ඩායේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය සාජා හි පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. ඒ පාකිස්තාන…
ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කලේ මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වර්තා වී ඇති බවය. දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බවද ඔහු…
මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප තැන්පත් කරයි
මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවය. මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත. කෙසේ නමුත්…
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ විය. මැතිවරණ කොට්ඨාස විසි දෙකට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ඇරඹිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 196 දෙනෙකු මැතිවරණ දිස්ත්‍රික්ක 22 තෝරා පත්කර ගැනෙයි. සෙසු මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනු ලබනනේ, එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය සලිත වෙයි
ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රායලය දකුණු බීරුට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල – හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භයෙන් පසුව ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පිරිස දෙදහසකට ආසන්න බවය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති අස්ථාවරත්වය තවත් තීව්‍ර කරමින් ඊයේ (03) රාත්‍රියේත් ඊශ්‍රායලය,…
කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය දැක්වූයේ 12,053.49ක් ලෙසය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.
නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු පිරිසක් ගෑස් සිලින්ඩරයෙන් එයි
එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණ කර තිබේ. මේ බව අද (04) පස්වරුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ජනපතිගේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය
දුෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතර හමුව පෙරේදා (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර…
ජනපතිගේ දූෂණ විරෝධී වැඩසටහන ඉන්දියාවේ ඇගයීමට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව පවසා ඇත. ශ්‍රී…
අභිනව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි – දිලිත්
අභිනව රජයට අවස්ථාව ලබාදිය යුතු බවත් තම පක්ෂය හොඳ විපක්ෂයක් වීමට සූදානම් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (02) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය. “හොඳ දේශපාලනය කරන පුද්ගලයෝ හැටියට අභිනව රජයට අවස්ථාව ලබාදෙන්න අපිට යුතුකමක් තිබෙනවා. අපි කියන්න ඕනේ… අපි හොඳ විපක්ෂයක් වෙන්නයි එන්නේ….