ColomboBuzz
ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා චරිත් අසලංක නම්කර ඇත. එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අනුමැතිය ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල්…
කමල් අද්දරආරච්චිත් මහ මැතිවරණයට
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතය. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා, “හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම ජනතාවට බාරයි. අසාර්ථක වුණු අයව නැවත පාර්ලිමේන්තුවට ගේන සම්ප්රදාය අපි බිඳිමු. සහයෝගයෙන්…
තවත් ඖෂධ වංචාවක තතු හෙළිවෙයි
2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා අද (08) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසය. ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝගොබියුලින් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයාව සිටි…
නෙළුම් කුලුනෙන් පැන්න සිසුවිය ගැන තොරතුරු හෙළිවෙයි
ඊයේ (07) සවස් කාලයේ මරදාන පොලිස් වසමේ පිහිටි නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවිය පිළිබඳව පොලීසිය තොරතුරු හෙළිදරව් කර තිබේ. මරණකාරිය වයස අවුරුදු 16 ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි. මෙම පාසල් සිසුවිය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවත්, ඇය පාසල්…
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ගේ සේවය අවසන් කෙරේ
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින්…
පාස්කු කොමිෂන් වාර්තාවට මොකද වුණේ?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන්න විශේෂ මැදිහත්වීමක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා…
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද…
අර්තාපල් සහ ලූනු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කරයි
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද, රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූනු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද…
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග අද (06) මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ…
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම පිරිස සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන…