ColomboBuzz
තවත් ප්‍රබලයෝ පිරිසක් මහ ඡන්දෙට නොඑති
හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටී. පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව තහවුරු කර තිබේ. එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර…
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික බෝම්බයෙන් බේරුණු පිරිසකට
ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් බේරුණු කණ්ඩායමකට 2024 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. එම කණ්ඩායම “Nihon Hidankyo” නමින් හැඳින්වුණි. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලූ න්‍යෂ්ටික බෝම්බවලින් දිවිගලවාගත් එම පිරිස ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ බව නොබෙල් කමිටුව පැවසීය.
මැතිවරණ දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් 690ක් තරගයට
2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය. වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු…
නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසීය. ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර…
රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට ගත් බවය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය…
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අගමැතිනියගෙන් කළ ඉල්ලීම
පසුගිය කලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුව ඇති දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, දූෂණ සම්බන්ධයෙන් තොරතුරු එම කමිටුවට ලබාදීම සඳහා තම සංගමය කටයුතු කරන බවය. “මේ වනවිට අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි කියනවා පසුගිය…
ලැප්ටොප් සහ ජංගම දුරකථන 437ක් සමග චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සතුව තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග…
පක්ෂ රැසක් නාමයෝජනා අත්සන් තබයි
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීය. ඒ් අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ වනවිට නාම යෝජනා භාර දී තිබේ. ජාතික ජන බලවේගය සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය. සමගි ජන සන්ධානය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම සිදුකළේ…
ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා…
රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට
ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින් අද (09) නම් කෙරුණි. ඒ අනුව එය හිමිවී ඇත්තේ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයින් වෙතයි. ප්‍රෝටීනයක පරිගණකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇති අතර, ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ…