Headlines
    පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

    පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළහ.

    Read More
    දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

    දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

    ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. අද දහවල් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඉන් පිටව යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.  ඒ, මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ය. …

    Read More

    පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබේ.

    Read More

    කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණ නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් තීන්දුව ලබාදුන්නේය.

    Read More

    මෛත්‍රීගෙන් අධිකරණයට විශේෂ දැනුම්දීමක්

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක්…

    Read More

    ඩොලරය 300න් පහළට

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය අද රු. 299.96 ක් ලෙසින් වාර්තා වී ඇත. ඩොලරයක අගය මෙලෙස රු. 300 සීමාවෙන් මෙපිටට පැමිණියේ 2023 ජූනි 12 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 295.24 ක් සහ විකුණුම් මිල රු. 304.60 ක් ලෙසින්…

    Read More
    නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

    නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

    අධිකරණයට අපහාස කළේ යැයි මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා  සලකාබලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සඳහන් කළේ…

    Read More
    පෙම්වතිය සමග ජංගල් බීච් ගිය සිසුවා අතුරුදන්

    21 පෙම්වතිය සමග ජංගල් බීච් ගිය 17 සිසුවා අතුරුදන්

    පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගීවීමට ගිය 17 හැවිරිදි සිසුවෙකු දින 15ක් තිස්සේ අතුරුදන්වී ඇතැයි ඔහුගේ ඥාතීන් පවසයි. එම සිසුවා, සිය 21 හැවිරිදි පෙම්වතිය සමග මුහුදු වෙරළට ගොස් සිටියදී රළ පහරකට හසුවූ බව පෙම්වතිය පොලීසියට පවසා ඇතත් සිසුවාගේ ඥාතීන්ට ඒ පිළිබඳ සැක මතුවී තිබේ. ඒ අනුව ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් පසුගිය…

    Read More
    තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

    තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුව ඝාතනය කෙරේ

    අද (03) අලුයම ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉලංගතුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග…

    Read More
    ප්‍රබල භූකම්පනයක්

    ප්‍රබල භූකම්පනයක් – ජපානයට සුනාමි අනතුරු ඇඟවෙයි

    තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. තායිවානයේ නැඟෙනහිර ප්‍රදේශයට රික්ටර් මාපාංක 7.4ක ප්‍රබල භූමිකම්පනයක් හටගෙන තිබේ. විදෙස් වාර්ථා සඳහන් කළේ, දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය. තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, කිලෝමීටර් 34.8ක් ගැඹුරින් අද (03) උදෑසන 8ට ආසන්න වේලාවකදී…

    Read More