Headlines

    කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි..

    ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදීය. මිය යන විට 71 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ අතර මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කරන ලදී. බුදවත්ත ගුරුකුලය මුලික කරගනිමින් දේශීය උඩරට නර්තන කලාවට ජීවය ලබාදුන් පරපුරක සාමාජිකයෙක්…

    Read More

    උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි..

    මෙරට බෞද්ධ ඉතිහසායේ වැගත්ම සංධිස්ථානයක් වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින අදට (24) යෙදී තිබේ.  එ දවස ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජු හා ඉන්දීය අධීරාජ්‍ය ධර්මාශෝක රජු අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 237 දී මෙරටට වැඩම කරනු ලැබුවේ අද වැනි පොසොන්…

    Read More

    තැපැලෙන් වාර්තාගත දෛනික ආදායමක්..

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක් දිනක් තුළ දී ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. ඒ මහතා පැවසුවේ, ඊයේ (22) දින තුළ පමණක් රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව උපයා ඇති බවයි. එම මුදලින් රුපියල් කෝටි 22 ක්ම උපයා ඇත්තේ, විදුලි බිල් අයකිරීම් මගින් බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන්…

    Read More

    සංචරණ සීමා පැනවෙන ආකාරය..

    පසුගිය 21 වන දා අළුයම ලිහිල් කල සංචරණ සීමා අද (23) රාත්‍රී  10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වෙයි. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එය 25 වන සිකුරාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බවයි. එහි දී යළිත් 25 වනදා අලුයම 04.00ට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වනු ඇති අතර පළාත් අතර සංචරණ සීමා…

    Read More

    ”පියාඹන සීක්වරයා” කොරෝනා මාරයාට බිලි වෙයි..

    බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඉන්දියාව ඉන් නිදහස් වූ පසු බිහි වූ ඉන්දියාවේ පළමු සුපිරි ක්‍රීඩා තරුව ලෙසින් හැඳින්වෙන මිල්කා සිං කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. මැයි මාසයේ දී කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා 91 හැවිරිදි මිල්කා චන්දිගාර්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිදී පසුගිය 18 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ. මුළු මහත් ඉන්දියාව පුරාම ”පියාඹන සීක්වරයා”…

    Read More

    රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි…

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණෘයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබුණු අතර පසුව පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා…

    Read More

    ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති..

    මෙරට නව අමෙරිකානු තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කළේය. ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් පසුගිය 15 වැනි දා මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ. එහි දී Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර…

    Read More

    මත්පැන් විකිණීමට අවසර හිමි වේද?..

    දිවයින පුරා පිහිට සුපිරි ‍වෙළඳසැල් හා බීර තැබෑරුම් හල් හරහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් වෙළෙඳාමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් එම තීරණය ක්‍රියාත්මක කළ හැක්කේ කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකායේ අනුමැතිය ලැබුනොත් පමණක් බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය. සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන්…

    Read More

    සූර්ය බලශක්ති උත්පාදනට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක ණයක්..

    මෙරට ර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීමට ඉන්දියාව සමග අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය සම්මුති ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම ව්‍යපෘතිය මඟින් රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලැස්මය. මෙම ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන…

    Read More

    භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ..

    මුළු දිවයිනපුරා දැනට බලපැවැත්වෙන සංචරණ සීමා කාලය තුළ භාණ්ඩ බෙදාහැරීමේ සේවා (ඩිලිවරි සේවා) පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස්පතිවරයා සදහන් කළේ, එම බලපත්‍ර සංචරණ සීමා ඉවත් කිරීමට සැලසුම් කර තිබූ පසුගිය 14 වැනිදායින් අවසන් වීමට තිබුණත්,…

    Read More