Headlines

    ජී – 7 නායකයින් චීනයට එරෙහිව සන්ධානගත වෙයි..

    චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ව සිදු කරන ජී – 7 සමුළුවෙහි දෙවන දිනයට එක්වෙමින් අමෙරිකානු ජනපති මේ බව ප්‍රකාශ කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  සංවර්ධනය වෙමින් පවතින රටවල…

    Read More

    රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර..

    මෙරට රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මෙම ව්‍යාපෘතිය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක් බවයි. ඒ අනුව එය ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ එය ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය….

    Read More

    ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි..

    දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද(12) සහ හෙට(13) විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව සෞඛ්‍ය මාර්ගොපදේශ යටත් ව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙනු ඇත. එහි දී තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි – ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන්..

    දිවයින අවට ‍වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් ලබයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි පැය 24 තුළ තවදුරටත් අඩු පීඩන කලාපය එම ප්‍රදේශයේ වර්ධනය වී බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි. ඒ අනුව ඉදිරි…

    Read More

    ඉන්ධන මිල ගණන් ඉහළට..

    ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල Rs 20කින් වැඩි කරන බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 157කි. තව ද ඔක්ටේන් 95 Rs 23කින් ද, ඔටෝ ඩීසල් Rs 7කින් ද, සූපර් ඩීසල් Rs 12කින්…

    Read More

    සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ..

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් සංචරණ…

    Read More

    රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වේ..

    ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩෝ” හැරිස් මහතා අද (11) දින හදීසියේ අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 49-හැවිරිදි වියේ පසු වූණි. අද (11) උදෑසන ඒ මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි තම නිවෙසට පැමිණ ඇති අතර එහිදී ඔහු හදිසියේ මියගොස් ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින බව සඳහන් වේ.

    Read More

    නිවුන් දරුවන් 10ක් බිහිකළ කාන්තාවක්..

    දකුණු අප්‍රිකානු මවක් වන , ගොසිආමේ තමාරා සිතොලේ නිවුන් දරුවන් 10 දෙනෙක් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ඇගේ සැමියා පැවසුවේ පසුගිය මස ඔවුන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී දරුවන් 8 දෙනෙක් පමණක් පෙන්නුම් කළ ඇති බවත් පසුව දරුවන් දස දෙනෙකු ලැබුණු බවත්ය. ඒ අනුව මෙය ගිනස් ලෝක වාර්තාවක් විය හැකි බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය…

    Read More

    දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල විවෘත කෙරේ..

    දකුණු ආසියාවේ ඉදිකළ “විශාලතම” ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11) ජනතා අයිතියට පත් කෙරුණි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හි⁣ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම රෝහල ඉදිකර ඇත්තේ චීන පරිත්‍යාගයක් මඟින් වන අතර  රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත…

    Read More

    අමෙරිකාවට පැන වූ TikTok තහනම ඉවතට..

    හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් නිකුත් කළ විධායක නියෝගය, වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් විසින් චීනයේ නිෂ්පාදිත ටික්ටොක් යෙදවුම භාවිතය අවලංගු කරනු ලැබුවේ 2020 වසරේදී වන අතර එම නීතිය, පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට ලක් විය.  මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඩොනල්ඩ්…

    Read More