Headlines

    ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ?..

    මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදාහැරිමට, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණ හොත් පමණක් අවසර ලබා දිමේ හැකියාවක් ඇති බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා සඳහන් කළේ, වයින් ස්ටෝස් නැමැති ස්ථානවලින් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන , ජාලගත සුපිරි වෙළෙඳසැල් මෙන්ම මත්පැන් පාරිභෝගිකයන් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවටඉදිරිපත් කළ විවිධ ඉල්ලිම් සැළකිල්ලට…

    Read More

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවන ෆයිසර්..

    ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව එලෙස දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බවයි. ජර්මනියේ සිදුකළ පරීක්ෂණයකට අනුව ඇස්ට්‍රසෙනෙකා එන්තේ මාත්‍රා දෙකම ලබාගැනීමෙන් ලැබෙන පලදායීතාවට වඩා…

    Read More

    බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම කල් යයි..

    බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම තවත් සති 04කින් ප්‍රමාද කිරීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව ලබන 21 වැනි දා සිට බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණත් නව…

    Read More

    කොරෝනා මරණ 55 ක් වාර්තා වෙයි..

    ගෙවුණු දිනයේ (14) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 55 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනයට අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) එම මරණ තහවුරු කරනු ලැබ තිබේ. මේ අතර තහවුරු කරනු ලැබූ මරණ අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙනා කාන්තාවන් බව…

    Read More

    දෛනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක්..

    අසල්වැසි ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඊයේ (14) දිනයේ එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 68,000 ක් බව විදෙස් මාධ්‍ය වර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කරන්නේ, මේ වනවිට වාර්තා වන ආසාදිතයින්ගේ අඩුවීම හමුවේ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොරෝනා රෙගුලාසී සීමාවන්ට යටත්ව ලිහිල් කිරීමට ප්‍රාන්ත බලධාරීන්…

    Read More

    ප්‍රදේශ රැසකට තද වැසි..

    දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව එම පාළාතේ ඇතැම් ප්‍රදේශවල මි.මී. 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර අද (15) දිනයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ…

    Read More

    කොරෝනා මරණ 57 ක්..

    ගෙවුණු දිනයේ (13)  දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 57ක්  වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) දිනයේ එම මරණ තහවුරු කරනු ලැබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර මියගිය පිරිසෙන් 32 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 25 දෙනා…

    Read More

    ගිනි ගත් නැව: කපිතාන් CID අත්අඩංගුවට..

    පසුගිය 20 වෙනිදා මෙරට මුහුදේ දී ගිනිගත් MV X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කළේය. එහි දී රුසියානු ජාතිකයෙකු වන සැකකාර කපිතාන්වරයා අද (14) පස්වරුවේ කොළඹ මහාධිකරණ අංක 01 වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නෞකාවේ කපිතාන්වරයා රුපියල් ලක්ෂ 20ක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද…

    Read More

    ඉන්ධන මිල ඉහළ දැමීම – බස් ගාස්තුවත් වැඩි වෙයි ද..

     ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ඇති බස් රථවල ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පසුගිය 11 වෙනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණය ගන්නා බවයි. කෙසේ වෙතත්  බස් ගාස්තු සංශෝධනය කිරීම…

    Read More

    ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර..

    දිවයින පුරා සංචරණ සීමා පවතින කාලයේදී, සියළු ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින 02ක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. එහි දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආර්ථික මධ්‍යස්ථාන කටයුතු පවත්වාගෙන යෑම අනිවාර්ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. මේ අතර දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අදත්…

    Read More