ColomboBuzz
රුපියල් 5,000 දීමනාව හෙට සිට..
රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව හෙට (02) සිට බෙදා දෙන බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) පැවති කැබිනටි තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල්වලට සේම පවතින සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපායන් පවත්වාගෙන…
‘ටාසන්’ ගුවන් අනතුරකින් මරුට..
ලෝ ප්‍රකට ‘ටාසන්’ චිත්‍රපටි මාලාවේ ‘ටාසන්’ චරිතයට පණ පෙවූ සිනමා නළු ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ බිරිඳ ඇතුළු 07 දෙනකු සමග ඔහු ගමන් ගත් කුඩා ගුවන් යානය අමෙරිකාවේදී ටෙනසි ප්‍රාන්තයේ විලකට කඩා වැටී ඇකි බවයි. එහි සිටි සියළු මඟීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව…
ධීවර කටයුතුවලට හෙට සිට අවසර..
මා ඔය, මීගමුව ප්‍රදේශයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයක හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම සඳහා හෙට(01) සිට ධීවරයින්ට අවස්ථාව හිමි වන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මීගමුව කලපු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම තවදුරටත් තහනම් වන බවයි. X-PRESS PEARL නෞකාවේ ගින්නත් සමග…
චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට..
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පසුව ඔවුන් දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ඊයේ (30)…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 2,859ක්..
ගෙවුණු දිනය (30) තුළ කොවිඩ් අසාදිතයින් 2,859 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (30) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
නව දෙමුහුන් COVID ප්‍රභේදයක්..
වියට්නාමයෙන් නව දෙමුහුන් කොරෝනා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය ගුයින් තන් ලොන්ග් සඳහන් කළේය. අමාත්‍ය ගුයින් තන් ලොන්ග් ප්‍රකාශ කළේ, එය ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු වෛරස් ප්‍රභේදවල එකතුවකින් නිර්මාණය වූ නව වෛරස් ප්‍රභේදයක් බවයි. මෙම වෛරස් කාණ්ඩය ඉතා භයානක අතර වාතයෙන් ව්‍යාප්ත විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වියට්නාම සෞඛ්‍ය…
පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙයි..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. උන්වහන්සේ අපවත් වන විට 68 හැවිරිදි වියේ පසු වූහ. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ, පසුගිය දා කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු උන්වහන්සේ එහි…
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත නිකුත් කෙරේ..
2022 වර්ෂය සඳහා පාසල් වලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත හා උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය. ඒ අනුව නව වර්ෂයේ පාසල් සඳහා අයැදුම් කළ හැකි අවසන් දිනය ජුනි 30 වැනි දා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ජුනි 01 වැනිදා සිට මැලේසියාව වැසේ..
ජුනි මස 01 වැනි දා සිට මැලේසියාව වසා දමන බව එරට අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රකාශ කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව මැලේසියාව ජුනි 01 වැනි දා සිට 14 වැනි දා දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා…
පාලන මිලට ගොවීන්ට පොහොර ලබා දීමට පියවර..
එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ගොවී ජනතාවට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේය. පසුගිය සති කිහිපයේම පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව, උඩරට එළවළු ගොවීන් රජයට පැවසුවේ තමන්ට පොහොර ලබා දෙන ලෙසයි. ඒ අනුව, බදුල්ල හා…