ColomboBuzz
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද(07) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…
අත්‍යාවශ්‍ය සේවා වාහනවලට අද (07) සිට අලුත් ස්ටිකරයක්..
අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන රථවාහනවලට අද (07) උදෑසන විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ මහතා කියාසිටියේ, දිවයිනේ සංචරණ සීමා ක්‍රියාත්මක මුළු කාලය සඳහාම වලංගු වන ලෙස මෙම විශේෂ ස්ටිකරය හඳුන්වා දෙන බව ය. එහි දී, නව ක්‍රමවේදය යටතේ ස්ටිකර් වර්ග 11 ක්…
නැවේ කළු පෙට්ටිය සොයා ගනී..
පසුගිය 20 වන දා මෙරට මුහුදු සීමා වේ දී ගිනිබත් වූ මේ වනවිට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ ‘කළු පෙට්ටිය’ නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී සොයාගෙන තිබේ. ඒ අනුව එය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු එක්ස්ප්‍රස්…
ස්පුට්නික් V එන්නත ඉන්දියාවේ නිපදවීමට අනුමැතිය..
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ නිපදවීම සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. එරට මාධ්‍ය වාර්තා කළේ, එම එන්නත නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ සීරම් ආයතනයට අවසර ලැබී ඇති බවයි. ඒ අනුව පූනේහි පිහිටි කර්මාන්ත ශාලාවේ ස්පුට්නික් එන්නත පරීක්ෂා කිරීම විශ්ලේෂණය කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරන බව ඉන්දීය මාධ්‍ය…
මහ වැස්සෙන් පුද්ගලයින් 14 ක් මරුට – සුළු ගංවතුර මට්ටම තවදුරටත්..
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බවය. පවතින මහ වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර මට්ටම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…
දිස්ත්‍රික්ක 08ක ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක්..
දිවයිනේ තුළ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා සඳහන් කළේ, පවතින මහ වැස්සත් සමඟ කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි. මෙම වසරේ…
ගිනිගත් නැවේ ‘කළු පෙට්ටියට’ මොකද වුණේ?..
පසුගිය 20 වන දා මෙරට මුහුදු සීමා වේ දී ගිනිබත් වූ මේ වනවිට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ‘කළු පෙට්ටිය’ සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID), නාවික හමුදාවෙන් සහය ඉල්ලා ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ කටයුතු සඳහා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අනියුක්ත කර ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය….
සපුගස්කන්ද තෙල්පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වු දැවි තෙල් මිශ්‍රණ..
පවතින අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන දැවි තෙල් (Furnace oil) බාහිර පරිසරයේ ඇති ජලය සමග එකතු වී තිබේ. ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි (Separator Tanks) තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම තෙල් කාන්දුව සිදුව…
ලෝක පරිසර දිනය අදයි..
ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ, ‘අපේ පරිසර පද්ධතිය සුරකිමු’ යන්නයි. ඒ අනුව පරිසරය යනු මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධකයයි. ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී 1972 වර්ෂයේ පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින…
ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනය අල්ගමින් – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්..
ගෙවුණු දිනයේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ, අල්ගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මි.මී. 188 ක් වන බවයි. ඊයේ (04) දින ගලිගමුව ප්‍රදේශයට මිලිමීටර් 132 ක් සහ පස්යාල දන්සල්වත්ත ප්‍රදේශයට මි.මී. 130 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය. මේ අතර දිවයිනට…