Headlines

    අද දින ප්‍රදේශ කිහිපයකට තද වැසි..

    අද (28) දින බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට…

    Read More

    සඳහිරු මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සිදු අද කරයි..

    අනුරාධපුර පූජා භුමියේ ඉදිකර ඇති සඳහිරු මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයේ අද (28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියේදී සිදු කරන ලදී. එහි දී සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ පැළැඳවීමට නියමිත චූඩා මාණික්‍ය දානපති ආතර් සේනානායක මහතා විසින් අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය…

    Read More

    ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..

    ඉන්දුනීසියාවේ, මකාසර් ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයක් ඉලක්කකර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එහි දී ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ…

    Read More

    ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනයෙන් – යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියකට වැසෙයි..

    අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 278 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 18 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 260 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    උතුම් මැදින් පුරපසළොස්වක පොහෝ දිනය අදයි..

    ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට (28) යෙදී තිබේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට විසි දහසක් මහ සඟරුවන සමග වේළුවනාරාමයේ සිට  ප්‍රථම වරට කිඹුල්වත්නුවර බලා වැඩම කිරීම සඳහා ගමනාරම්භය සිදු වී ඇත්තේ අද වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය….

    Read More

    සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින්ටත් කොවිඩ්..

    හිටපු ඉන්දීය ක්‍රිකට් නායක හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තෙන්ඩුල්කාර් සඳහන් කරන්නේ සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි. තමන් සිය නිවසේදී නිරෝධායනය වන බවත් පවුලේ අනෙක් සාමාජිකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ද එම…

    Read More

    සූවස් ඇළේ නැවක් සිරවේ – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

    ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) හරහා සිර වූ නෞකාව හේතුවෙන් ලොව පුරා නෞකා කාලසටහනට බලපෑමක් සිදුව ඇතැයි වාර්තා වේ. MV EVER GIVEN නම් මෙම නෞකාව ඉතා ඉක්මණින් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි එහි හිමිකරු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන…

    Read More

    සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම හෙට..

    පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (28) සිදු කිරීමට නියමිතය.  ඒ අනුව නිදන් වස්තු තැම්පත් කිරීමේ සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට…

    Read More

    පස්සර මාරක අනතුර සිදු වූ තැන කළු ගල එම ස්ථානයෙන් ඉවතට..

    පසුගිය 20 වනදා බදුල්ල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන පරිදි වැටී තිබූ කළු ගල ඊයේ (27) රාත්‍රී ඉවත් කර ඇත. මෙම ගල පසුගිය නොවැම්බර් මාසයේ සිට මග හරස් කරමින් වැටී තිබූ අතර බස් අනතුර සිදුවීමත් සමඟ මෙම ගල අනතුරින් දින 5ක් ඇතුළත…

    Read More

    ඊයේ වැඩිම ආසාදිතයින් යාපනයෙන් – ඊයේ ආසාදිතයින් 271 යි මරණ 03 යි..

    අද දින (26) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 271 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 20 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 251 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (25) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More