Headlines

    රුපියල තව තවත් බාල්දුවේ..

    ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇත. ඒ අනුව රුපියල තව තවත් අවප්‍රමාණය කරමින් අද (31) දිනයේ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව 202 යි සත 04 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා දක්වයි. තව ද එහි ගැනුම් මිල…

    Read More

    චීනෙන් පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 අද දිවයිනට..

    චීන රජය විසින් ප්‍රදානය කළ සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන්  (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගෙන යානය අද (31) පෙ.ව 11.28 බණ්ඩාරනායක අන්තර්ජාතික…

    Read More

    ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05ක් මෙරට නිෂ්පාදනය අද සිට තහනම් කෙරේ..

    මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 05ක් අද (31) සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. එහිදී එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන)…

    Read More

    වඳ මදුරුවන් ලක්ෂයක් සමාජයට..

    ඩෙංගු මර්දනය වෙනුවෙන් අද (30) සිට දින 03 ක කාලයක් ලංකාව පුරාම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව බස්නාහිර පළාතේ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 29ක එම වැඩසටහන අද සිට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 4700 ක් වාර්තා…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 215 යි මරණ 05 යි..

    අද දින (30) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 215 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 49 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 166 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (29) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    මහ පාරේ දී රියැදුරෙකුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ් කෙරේ..

    ඊයේ (29) දින පන්නිපිටියේදී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. ඔහු අද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ලොරි රථ රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්…

    Read More

    අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන් විශේෂ නිවේදනයක්..

    රටම කම්පා කරමින් 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා බලධාරින් පෙළඹවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන…

    Read More

    ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනයෙන් – ඊයේ ආසාදිතයින් 249 යි මරණ 02 යි..

    අද දින (29) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 249 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 237 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    දැවැන්ත බහාලුම් නැව මුදා ගැනේ – සුවස් ඇළ නිදහස් වේ..

    ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) සතියකට ආසන්න කාලයක්  අවහිර කරමින් සිරවී තිබූ දැවැන්ත කන්ටේනර් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තුව හරහා දිවෙන සූවස් ඇළ ලොව  වඩාත් කාර්යබහුල වෙළඳ මාර්ගවලින් එකක් වන අතර සතියකය පමණ පෙර දී අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් මෙම නෞකාව හේතුවෙන් පාවී ගොස් සුවස් ඇළේ හරහට හිරවීම…

    Read More

    මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාමක් – බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක්..

    ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාම හමුවේ බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ(28) සිට දින තුනක කාලයක් එම නිවේදනය වලංගු වන බවයි. තව ද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන්…

    Read More