ColomboBuzz
ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4,943ක්
ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්ය. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබේ.
පරාජයට හේතුව සනත් පැහැදිලි කරයි
පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු පරාජයක් වැළඳගන්න සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. “මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය Under pressure ගන්න දැන ගන්න ඕනේ. කන්ෆිඩන්ට් තියෙන වෙලාවට ගහන්න දැන ගන්න…
පෘථිවියේ දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වූ හැටි
පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබේ. Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශ ගත වූ අතර ජනවාරි 15 වන දින සිට පෘථිවිය වටා කක්ෂගත කර ඇත. මෙම අභ්‍යවකාශ යානය සතියකින් පමණ පෘථිවි කක්ෂයෙන් ඉවත් වී සඳට දින හතරක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන…
ට්‍රම්ප් රටවල් 3කට සැරවෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් ද, චීනයට 10%ක් වශයෙන් තීරු බදු පනවන බව පවසා ඇත. කෙසේ නමුත් කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත්, එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක වියහැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීට අමතරව අනාගතයේදී යුරෝපීය සංගමයට ද තීරු බදු…
රජය සතු වත්කම්වල නිවැරදි විගණනයක් මේ දක්වා සිදුකර නෑ – විගණකාධිපති
රජය සතු වත්කම් සම්බන්ධයෙන් නිවරදි විගණනයක් මේ දක්වා නිසි ආකාරයෙන් සිදුව නොමැති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී නිසි අයුරින් ඉටු නොකිරීම හේතුවෙන් මෙවැනි අර්බුද මතුව ඇති බවය. කර්මාන්ත අමාත්‍යාංශය මඟින් කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විගණකාධිපති ඩබ්ලිව්. පී….
ජපන් වාහනවල අලුත්ම මිල ගණන් ගැන හෙළිදරව්වක්
ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. ආනයන සීමා ඉවත් කරමින් ඊයේ (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය…
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් සොයා ගැනේ
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල්…
හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය. “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි…
තරුණ ප්‍රජාව තුළ ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ අවදානමක් ගැන හෙළිදරව්වක්
මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බවය. එමෙන්ම අවුරුදු 15 සිට 24 දක්වා වූ වයස් කාණ්ඩය මේ සම්බන්ධව ඉතා දැඩි අවධානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ලිංගාශ්‍රිත…