ColomboBuzz
රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට සැරසෙයි
මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීය. එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය. මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය…
වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව ක්‍රියාත්මක වෙයි
නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමිනි. 2024 වසරේ ඩොලර්…
ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම ගැන නිවේදනයක්
දිවයින වටා නගර සහ ප්‍රදේශ 06ක වායු ගුණත්ව තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පැමිණ තිබුණි. ඒ යාපනය නගරය, කොළඹ නගරය, ගාල්ල කරාපිටිය, ත්‍රිකුණාමලය නගරය, පොළොන්නරුව නගරය සහ අනුරාධපුර නගරය යන ප්‍රදේශවලය. වායු ගුණ තත්ත්ව දර්ශකය හෙවත් SL AQI හි අගය 0ත් 50ත් අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමක්…
විදෙස් ශ්‍රමිකයින්ගේ මුවාවෙන් රේගුවෙන් පන්නන් හැදූ බඩු තොගය
ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය භාරයට ගත් භාණ්ඩ තොගයක් ඊෙය් (27) දින බ්ලූමැන්ඩල් කාගෝ අංගනයේදී විවෘත කෙරිණි. දැනට ගණන් බලා ඇති ආකාරයට මෙහි වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වන අතර ඉදිරී පරීක්ෂා කිරීම්වලදී මෙම මිල ගණන් වෙනස් විය හැකි බවත් වාර්තා වේ. විදේශයන්හී සේවය කරනු ලබන ජනතාවගේ භාණ්ඩ මුවාවෙන් මෙම භාණ්ඩ…
වතු නිවාස වෙනුවට සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්
වතු ආශ්‍රිත ජනතාවට ඉදිරියේදී සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පසුගිය 24 වැනිදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව…
වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා…
ග්‍රහලෝක 6ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්
ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනයක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක එකම පොදු මාර්ගයක දැකගැනීමේ හැකියාව පවතින බවය. මේ දිනවල හිරු බැසයාමෙන් විනාඩි 90ක් ඇතුළත…
යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම…
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය…
පාරිභෝගික අධිකාරිය පසුගිය වසරේදි සිදුකළ වැටලීම් විසි දහස ඉක්මවයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2024 වසරේදී වැටලීම් 24,761ක් සිදුකර තිබේ. එහිදී නඩු පැවරීම් 23, 953ක් සිදුකර ඇති අතර ඉන් අවසන් වූ නඩු සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක්ද නියම කර තිබේ. එහෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් කටයුතු සිදු කිරීමටද නිලධාරීන් වෙත උපදෙස් ලබා දී…