ColomboBuzz
අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…
සජබ – එජාප තවත් සාකච්ඡාවක් සාර්ථකයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබේ. මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි. එම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර ඊයේ දිනයේ සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳව අද දිනයේ දෙපාර්ශවය ඔවුන්ගේ කණ්ඩායම් නායකයින් දැනුවත් කරීමට නියමිතව…
සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය. එම කාලසටහන පහතින් දැක්වේ
TRC අනුමැතිය නොමැති ජංගම දුරකථන අවහිර කිරීමට ස්වයංක්‍රීය පද්ධතියක්
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිඳු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස ද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා, “අප…
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස රිමාන්ඩ්
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. 27 වන දින රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු…
හිතුවාට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී
ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේවෙතත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් සහාය වන මධ්‍ය…
මහ බැංකුව ස්ථාවර තීරණයක
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත.
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී…
රතු කැකුළුවලට සුදු කැකුළු මිශ්‍ර කිරීමේ ජාවාරමක්
රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය. ඒ…
යෝෂිතට දුන් ඇපය ගැන අධිකරණ ඇමති කරුණු පැහැදිලි කරයි
යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බවය. “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට…