ColomboBuzz
වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක්
වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුවිය. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතරය. මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා…
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවිය. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කර තිබේ. ඒ අනුව වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු…
රුපියල් කෝටි 28ක් සමග කොටුවු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු
මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ. ජාවාරම්කරු බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. එම සෝදිසියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ්…
ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පෙරේදා (16) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුව තිබේ. මෙම හමුවේදී පාර්ලිමේන්තුව තුළ ඇතැම් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව සාකච්ඡා වූ බවත් එහිදී එම ව්‍යාපෘතීන් සාර්ථකව නිම කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට සුදානම් බව නාවික…
19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය අද සිට
වයස අවුරුදු 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී අද (18දා) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 6ක් පැවැත්වෙන අතර, ඉන් සමාරම්භක තරගය ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර බංගිහිදී පැවැත්වේ. කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ මූලික වටය ‘A’,’B’,’C’ හා ‘D’ ලෙස කාණ්ඩ 4කින් සමන්විත වේ. මූලික වටය ජනවාරි 23 වනදා දක්වා පැවැත්වීමට…
අද සිට වැස්ස වැඩිවෙයි
අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඉන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම්…
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුනුපොළ මහතා පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය. “මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති…
දක්ෂිණ අධිවේගයේ සංචාරකයන් රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී රුසියානු සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක පිටුපස ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් බස් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථයේ ගමන්කළ තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. බස් රථය කළුතර සිට ඇල්ල බලා දක්ෂිණ අධිවේගි…
උදයංග වීරතුංගට ඇප
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
හිටපු ජනාධිපති ගෝඨාභයට CIDයෙන් කැඳවීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.