Politics
පුවත් නාලිකාවකින් ට්‍රම්ප්ට වන්දියක්
තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීමට ඔහුට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC පුවත් නාලිකාව එකඟ වී තිබේ. ඒ අනුව ඔවුන් ට්‍රම්ප් වෙත ලබාදීමට එකඟව ඇති වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 15කි. පසුගිය මාර්තු 10 වනදා පැවති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයට…
කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්
කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එළැඹෙන 17 රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම නම යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය. “වගකිවයුතු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න ඕනේ….
පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලැබෙයි
චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි…
සිරියාවට අගමැතිවරයෙක්
සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක ය. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු ඊට පෙර කටයුතු කළේය. පසුගිය ඉරිදා (08) සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැනගියේය. ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය…
ආචාර්ය උපාධිය ගැන කථානායකවරයා ප්‍රතිචාර දක්වයි
කථානායක අසෝක රංවල මහතාට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ. විපක්ෂයේ පාර්ශ්ව පෙන්වා දෙන්නේ කථානායකවරයා තමාට සැබෑ ලෙසම ආචාර්ය උපාධියක් ඇත්දැයි තහවුරු කර පෙන්විය යුතු අතර රජය මෙම සමාජ සැකය දුරු කළ යුතු බවය. කථානායක අසෝක රංවල මහතා මහ මැතිවරණයට තරගකිරීමටත් පෙර ඔහු පිළිබඳ කෙරෙන හැඳින්වීම්වලදී ආචාර්ය යන…
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අමාත්‍යාංශ ලේකම් තනතුරක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.
පරාටේ නීතිය ගැන රජයෙන් තීරණයක්
පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම…
රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම පරිශ්‍රයන් හා…
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්
රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර නිෂ්පාදනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම යටතේ මෙම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුව අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත. එමෙන්ම…
උදයංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙනි. මේ යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට…