Headlines

    අඩුපීඩන කලාපය උතුරු වෙරළ ආසන්නයේ – මි.මී 100 ඉක්මවූ තද වැසි

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත. උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.  මෙම පද්ධතියේ…

    Read More

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද (07) පස්වරු 2ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (08) පස්වරු 2ක දක්වා වලංගු වෙයි. ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි….

    Read More

    අද කාලගුණය

    මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    ආපදාවෙන් සෘජු හා වක්‍රව පීඩාවට පිරිසට සහන සැලසීමට රජයේ අවධානය

    පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආපදාවට පත්ව ඇති ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පිළිවෙත් යොදන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවය. ඒ…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම්

    දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.000 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව අදාළ ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම නිවේදනයක් නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ….

    Read More

    අයහපත් කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 53,888කට අයත් පුද්ගලයින් 143,726දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සහ ඥාති නිවාසවල රැඳී සිටී. ඒ අනුව, පවුල් 45,418කට අයත් පුද්ගලයින් 116,209දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 229ක පවුල් 8470කට අයත් පුද්ගලයින් 27,517දෙනෙකු රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර නිවාස 103ක් පූර්ණ හානියට ලක්ව ඇති අතර…

    Read More

    කලාඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

    කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පැවසීය. ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ගමන්ගන්නා වාහන පදවන්නන් මේ පිළිබඳ විශේෂ…

    Read More

    නාවලපිටියේ පස් කන්දක් කඩාවැටේ

    නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. මෙම මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයට පස් කන්ද කඩාවැටී ඇත්තේ අද (29) අලුයම 2ට පමණය. එමෙන්ම පස් කන්ද සමග ගස් විදුලි රැහැන් මතට කඩාවැටීම හේතුවෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලියද මේ වනවිට ඇණහිට…

    Read More

    රාජාංගනයේ වාන් දොරටු 10ක් විවෘත කරයි

    අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවය. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි. මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ. …

    Read More