Headlines

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

    Read More

    ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බව නාවික හමුදාව පවසයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් ඊයේ (24) දින නාවික හමුදාව විසින් අනුයුක්ත කිරීමට කටයුතු පියවර…

    Read More

    අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

    අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වේ. …

    Read More

    අද කාලගුණය

    ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට…

    Read More

    පළාත් කිහිපයකට අදත් වැසි

    ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක පමණ තරමක තද…

    Read More

    අම්පාරේ කුඹුරු අක්කර 3,000ක් යටවෙලා

    අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු ඉඩම් අක්කර 3,000ක් පමණ ජලයෙන් යටවී ඇති බව ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වතුර බැසයාමේ අඩුවක් තිබෙනව බවට වාර්තා වන බවයි. ඊයේ (21) දින පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර අම්පාර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ…

    Read More

    ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස 20,000 ඉක්මවයි

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,300ක් වන බවය. එමෙන්ම ආපදාවට පත්ව ඇති පිරිස් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔහු පවසයි.  “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට…

    Read More

    අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, උතුරු-මැද,  ඌව  සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතෙත්…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරේ

    දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපක් සඳහා පූර්ව නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ ඊයේ (20) පස්වරු 4.00 සිට හෙට (21) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, විල්ගමුව, යටවත්ත, උකුවෙල යන ප්‍රාදේශීය…

    Read More

    අධික වැසි හමුවේ ප්‍රධාන වැව් රැසක් වාන් දමයි

    මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික…

    Read More