Headlines

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කර තිබේ. 2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරෙිණි. පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ…

    Read More

    අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි

    ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී…

    Read More

    යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්

    යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති…

    Read More

    ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

    දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය.   එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්…

    Read More

    එක්සත් අරාබි රාජ්‍යයෙන් සතුන් කිහිපයක් මහජන ප්‍රදර්ශනයට මෙරටට ගෙන්වයි

    එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබේ. අදාළ සතුන් ඊයේ (10) දින මෙරටට ගෙන්වා ඇත. හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව…

    Read More

    ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ

    ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබුණි. එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

    Read More

    ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

    කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.

    Read More

    පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

    ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ  (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව පාකිස්තාන පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපොහොසත් වීම මෙම තහනම පැනවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. 2019 වසරේ ජුනි මාසයේ සිට පාකිස්තාන පාපන්දුව FIFA විසින් පත් කරන…

    Read More

    USAID ශ්‍රී ලංකාවේ කළ වියදමක් ගැන අමෙරිකාවෙන් දොස්

    ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ලෙසය.  USAID ලොවපුරා සුබසාධන සහ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට මුදල් වෙන්කළ ප්‍රධාන ස්වාධීන ආයතනයකි.  වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය යටතේ එම ආයතනයේ කාර්යමණ්ඩලය…

    Read More

    DeepSeek තහනම් කිරීම පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර

    අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබේ. දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් ‍කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව  සහතික කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා…

    Read More