Hot News
පාසල් අනධ්‍යයන සේවකයින් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24) සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඔවුන් පැවසීය. මේ අතර තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය…
ධීවර ජනතාවට හදිසි දැනුම්දීමක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු 7.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්…
පාළු සුසාන භූමියක සිදුවු අපරාධය
16 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහොය දින (21) උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් ඇත. අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඉන්පසු…
ගාසා තීරයට කොල්ලකරුවන්ගෙන් පීඩා
දකුණු ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර රැගෙන යාම සහ බෙදාදීම අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බව එහි මානුෂීය කටයුතු සම්බන්ධීකරණ සිදුකරන එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි. එහි ප්‍රධානීන් පවසන්නේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොල්ලකෑමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. පසුගිය අඟහරුවාදා (18) ද ඇතුළු වන ලොරි රථවල තිබූ භාණ්ඩවලින් හතරෙන් තුනක් සොරකම් කර ඇති බවට එක්සත් ජාතීන්ගේ කාර්යාලය…
2025 දී එන දේපොළ බද්ද
දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 වසරේ පළමු කාර්තුවෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම බද්ද හරහා සියයට 90ක් වූ ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවය. “මේක මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන බද්දක් නෙමෙයි. 2025 පළමු කාර්තුවෙන් පසුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඉතාම ධනවත් පිරිස…
තෙත්බිම් සංරක්ෂණය ගැන ජනපති කළ කතාව
තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ දේශගුණික විපර්යාසවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බවය. පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය…
ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් දැනුම්දීමක්
උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය. මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු…
වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් ලබාගනී
වසර 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ අදින් අවසන් වූ කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වීමත් සමගය. හම්බන්තොට දී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම…
ඔස්ට්‍රේලියාවට ජය
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරගය DLS ක්‍රමවේදය අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 141කි. පිළිතුරු ඉනිම…
EPF වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක්
මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත…