Hot News
LPL ටිකට් විකිණීම ඇරඹෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වෙයි. එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙයි. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. මේ අතර නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කළ යුතුය… https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true LPL තරගාවලියේ තරග 5ක්…
පාසල් කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඒ අනුව පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවීම සඳහා පාසල් ප්‍රජාව සමග එක්ව, පාසල්වල කටයුතු කළමනාකරණය කරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගන්නා…
මෛත්‍රී ට එරෙහි නඩුවක් ඒකපාක්ෂිකව විභාග කිරීමට නියෝග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ. නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටීමක් සිදු නොවූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. ඒ අනුව අදාළ නඩුව…
රුසියාවේ ආගමික උත්සවයකට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය. එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බව වාර්තා වෙයි. ආගමික උත්සවයක් ඉලක්කකර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි. ඩජෙස්තාන් කලාපයට මීට පෙරද ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර…
ව්‍යාජ මැණිකක් විකුණන්න ගිය දෙදෙනෙකු පොලිස් දැලේ
අධික වටිනාකමකින් යුත් මැණික් ගලක් බවට අඟවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවිකිරීමට සූදානම් වු පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා ආණමඩුව නගරයේ ව්‍යාපාරීකයෙකුට එම පාශානය රුපියල් කෝටියක විකිණීමට උත්සාහ දරා තිබුණි. ඒ සම්බන්ධයෙන් සැකසිතු අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයේ…
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
යුද්ධයට මැදිවූ අපේ අය බේරාගැනීමට නියෝජිත පිරිසක් රුසියාවට
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙලෙස පිටත්වීමට නියමිත ව බව මන්ත්‍රීවරයා පැවසුවේය. මෙම ශ්‍රී ලාංකික…
ශ්‍රී ලංකා කාන්තා 20යි 20 කණ්ඩායමට අනුමැතිය
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබාදී තිබේ. ජූනි 24, 26 සහ 28 යන දිනයන්හී එම තරගාවලිය හම්බන්තොට දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය මෙසේය… චමරි අතපත්තු – නායක විශ්මි ගුණරත්න හර්ශිතා සමරවික්‍රම හසිනි පෙරේරා නිලක්ෂි ද…
ට්‍රම්ප් ගෙන් ග්‍රීන් කාඩ්
මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ අනුව අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බව ඔහු පවසා ඇත. සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයකි. එමගින් අමෙරිකාවේ අධ්‍යාපනය ලැබූ ඉන්දීය සහ…
එල්ටීටීඊ තහනම ගැන එක්සත් රාජධානියෙන් තීරණයක්
එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ඒ බව පැවසීය. එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබේ. එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය…