Hot News
ඉන්ධන ලබාගැනීමට ඔබ වැඩිපුර ගෙවන මුදල
ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව අනාවරණය වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්…
උතුම් පොසොන් පොහොය අද
මෙරටට බුදදහම දායාද කරමින් අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකක් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම රැගෙන මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි පොසොන් පුර පසළොස්වක පෙහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ…
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන ආ කැබිනට් යෝජනාව
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීම ගැන දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන පරිදි පසුගිය වසරවල ලද අත්දැකීම් පදනම් කරගෙන එම සංශෝධන කිරීමට නියමිතය. එකී සංශෝධිත අනුව 2025 වසර සඳහා සහ ඉන් ඉදිරියට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු…
වසරේ ගතවූ මාස 6 තුළ මී උණ රෝගීන් 5,000ක්
වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසය. වෙල් උණ, පතල් උණ හෝ මඩ උණ ලෙසින් හැඳින්වෙන මී උණ රෝගය වෛද්‍ය විද්‍යාවට අනුව නම් කර…
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබේ. යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇත.
රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි
වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (19) දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය. ඒ කොළඹ පැවති උත්සවයකදීය. එය නම් කර තිබුණේ “ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025” නමිනි. මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින්…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට තවත් ප්‍රකාශයක්
අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රො සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් සමූහය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වන සැසිවාරයට සමගාමීව ඊයේ (19) දිනයේ එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. එමඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම…
තැපැල් මුද්දරයක මිල ඉහළට
තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසයි. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පැවසීය. 2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50කි. තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව ඔහු කීය.
රුසියානු ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවට පැමිණ තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වන අතර පුටින් ජනාධිපතිවරයා වසර 24කට පසුව උතුරු කොරියාවේ සිදුකරන සංචාරය මෙය බවය. එරටට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව ගුවන්තොටුපොළ පැමිණ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පිළිගෙන තිබේ. රාජ්‍ය නායකයන් දෙදෙනා අවසන් වරට…
තාඹුගලගේ රහස් ප්‍රකාශය 24 වන දා ලබාදීමට අධිකරණ නියෝග
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව රහසිගත ප්‍රකාශයක් ලබන 24 වන දා ලබාදීමට අධිකරණය විරංජිත් තාඹුගලට අධිකරණය නියෝග කර තිබේ. තමාට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවට විරංජිත් තාඹුගල සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව…