Headlines

    ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

    නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර…

    Read More

    දිස්ත්‍රික්ක 11ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝ 7,700ක්

    දිස්ත්‍රික්ක 11 ක් පුරා ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මඟින් එම අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7,700කට අධික ප්‍රමාණයක් එක් රැස්කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චතුර මල්වැන්න මහතා සඳහන් කළේ, අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන යෙමු කිරීමට පියවර ගෙන ඇති බවය. “ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම…

    Read More

    ලබන 26 වනදා ගුරුවරු ලෙඩ වන බවට අනතුරු ඇඟවීමක්

    ලබන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බවය. කෙසේ වෙතත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඊයේ (18) පැවති උත්සවයකදී සඳහන් කළේ, වෘත්තීය…

    Read More

    වව්නියාවේ භූකම්පනයක්

    වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය. රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය….

    Read More

    ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කෙරෙයි

    එස්ටෝනියා කණ්ඩායමේ සාහිල් චව්හාන් ලොව වේගවත්ම T20 ශතකය රැස්කළ ක්‍රීඩකයා බවට පත්විය. ඒ සයිප්‍රස් කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී සිය ශතකය වාර්තා කරමිනි. මීට පෙර ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කර සිටියේ නැමීබියාවේ Jan-Nicol Loftie Eaton ය. ඔහු පන්දු 33කින් සිය ශතකය වාර්තා කළේය. ඔහුගේ ලෝක වාර්තාව පැවතියේ මාස 4ක් පමණි. සයිප්‍රස් කණ්ඩායම සහ එස්ටෝනියාව අතර…

    Read More

    මස් කන බැක්ටීරියාවක් නිසා ජපානය සලිත වෙයි

    මාංශ පේශි විනාශ කරන බැක්ටීරියාවක් මේ වන විට ජපානයේ සීග්‍රයෙන් පැතිරයන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම “මස් කන” බැක්ටීරියාව හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි. නමුත් මෙම රෝගී තත්ත්වය පැතිර යන හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ වික්ෂිප්ත වී සිටියි. 2024 ජනවාරි සිට ජූනි මාසය ආරම්භ වනවිට එවැනි…

    Read More

    පොල්තෙල් මිල නියාමනයට පොල් සංවර්ධන අධිකාරිය මැදිහත් වෙයි

    වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ, ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බවය. මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්ය….

    Read More

    මාර්ග දෙකක දුම්රිය ප්‍රමාදයක්

    ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවය.

    Read More

    පිපිරුණු නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

    කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම 2ට පමණ මෝටර් රථයක් එහි ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබිණි. මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වූ අතර නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 2…

    Read More

    වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක…

    Read More