Hot News
ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කරයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බවය. ගංවතුර තත්වයත් සමඟ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ…
කළු, නිල්වලා, ගිං, මහා ගංවතුර තත්ත්වය
ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවලම ප්‍රදේශයෙන් ගිං ගඟේ ජල මට්ටම මීටර් 8.35ක අගයක් ගෙන ඇති බවය. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගිං ගඟේ ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතින බවය. එසේම ගිං ගඟේ ජල මට්ටම අද දහවල් 12 වනවිට බද්දේගම…
හෙට දිනයේ සියලු පාසල් වැසේ
හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අද දෙරණ කළ විමසීමකදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මේ බව පැවසීය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර…
ජාතික පාසල්වලට ළමුන් ඇතුළු කිරීම ගැන නිවේදනයක්
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාළ අයදුම්පත් හෙට (02) දිනෙන් පසු බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට හෙට දිනෙන් පසු යොමු කිරිමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. ජාතික පාසල්වලට 2024 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කිරිමට මීට…
නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් සහ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිතව තිබේ. පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 02ට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම රැස්වීම් පැවැත්වෙන බව පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය….
අමෙරිකාවට සුපිරි ජයක්
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය. ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග…
දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීමක්
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ…
ගංවතුර අවදානම සහිත ප්‍රදේශ මෙන්න
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්…
උසස් පෙළ අසමත් දරුවන්ට යන්න පුළුවන් පාර පෙන්වයි
මේ වනවිට නිකුත් කර තිබෙන උසස් පෙළ විභායේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙක් සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ බව සඳහන් කළේය. “ඊයේ ආපු උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව කිසිම දරුවෙක් සමත්…