Hot News
SAITM සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ගැන තීරණයක්
දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සිදුකිරීමට අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව සඳහන් වේ.
TikTok අමෙරිකානු මෙහෙයුම් වෙන් කරයි ද?
ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා 05ට අයත්වන අමෙරිකානු නොවන එකම සමාජ මාධ්‍යය වන්නේ චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුමය. එහෙත් අමෙරිකානුවන් මිලියන 170ක් පමණ අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍යය භාවිත කරමින් සිටී. ටික්ටොක් යෙදුමේ චීන හිමිකාරීත්වය නිසා අමෙරිකානු ග්‍රාහකයන්ගේ දත්ත අවදානමට ලක්වන බවට ට්‍රම්ප් පරිපාලනයේ වගේම ජෝ බයිඩන් පරිපාලනයේත් අදහස වී තිබේ. එබැවින්…
මෝදි පැය 45ක භාවනාවක
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය. අගමැති මෝදී හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයකි.
ලංකා හොස්පිටල් අයිතිය ගැන තීරණයක්
මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ලංකා හොස්පිටල්ස්…
කබ්රාල් ඇතුළු පිරිස නිදහස් කෙරේ
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු…
අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් ට්‍රම්ප් වරදකරු වෙයි
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ. අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවය. එමෙන්ම මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ…
රජයේ වැටුප් ගැන ජනපති දුන් සහතිකය
රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (29) පැවති උත්සවයට එක් වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට…
ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය සපුරා අවසන්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 වසර සඳහා වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය මෙම වසරේ පළමු කාර්තුවේදීම සපුරාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමග ආයෝජන ගිවිසුම්ගත වූ ආයෝජකයින් සමග ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා පැවති සාකච්ජාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා…
රුසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු යළි රිමාන්ඩ්
රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ විදේශ රැකියා ආයතනයක හිමිකරු හා එහි කළමනාකරු ජූනි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඊට අදාළ නඩුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (30) යළි කැඳවූ අවස්ථාවේ දීය. එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර, සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන…
අස්වැසුම ගැන අලුත්ම ආරංචියක්
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ. එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත්…