Hot News
ඉන්ධන කාන්දුවූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය භාරයට
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් ය. අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබුණි. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක්…
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න අලුත් ගැසට් පත්‍රයක්
මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි. ඒ…
දුම්වැටි භාවිතය නිසා දෛනික මරණ 50කට ආසන්නයි
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවය. හෙටට (31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි. දුම්කොළ කර්මාන්තයේ…
අධිකරණයට අපහාස කළ බවට මෛත්‍රී ට චෝදනාවක්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු…
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි
ඉතා මියුරු ගීත තනු සිය ගණනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසුවිය. ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය.
ක්‍රීඩා සංගම් 4 ක් තාවකාලිකව අත්හිටුවයි
වහාම ක්‍රියාත්මක වනපරිදි ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන් ය. ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ සංගම් හා සම්මේලනවල…
උසස් පෙළ ප්‍රතිඵල එළැඹෙන සඳුදාට පෙර
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වුණි. ඊට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටි අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වු බව විභාග දෙපාර්තමේන්තුව…
දිල්ලිය නොසිතූ ලෙස රත්වෙයි
ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. අද දිනයේ එම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම තත්ත්වය තුළ ප්‍රාන්ත බලධාරීන් විසින් ජල හිඟය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි. මිලියන 30 කට වැඩි ජනගහනයක් සිටින දිල්ලි නගරයේ ජනතාවට උෂ්ණත්වය ඉහළයාම සම්බන්ධ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
පෞද්ගලික ආයෝජකයින්ගෙන් ජනපති කළ ඉල්ලීම
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනය සහ හරිත වර්ධන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීම සඳහා දිගුකාලීන සැලැස්මකට සහාය දක්වන ලෙස සහ සංවර්ධනය කරන ලෙස පෞද්ගලික අංශයේ ආයෝජකයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.
55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ ලැබෙන යෝජනාවට අනුමැතිය
විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි. ඔහු පැවසුවේ “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බවය. www.garusaru.lk යන වෙබ් අඩවිය යටතේ…