Hot News
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 2,859ක්..
ගෙවුණු දිනය (30) තුළ කොවිඩ් අසාදිතයින් 2,859 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (30) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
නව දෙමුහුන් COVID ප්‍රභේදයක්..
වියට්නාමයෙන් නව දෙමුහුන් කොරෝනා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය ගුයින් තන් ලොන්ග් සඳහන් කළේය. අමාත්‍ය ගුයින් තන් ලොන්ග් ප්‍රකාශ කළේ, එය ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු වෛරස් ප්‍රභේදවල එකතුවකින් නිර්මාණය වූ නව වෛරස් ප්‍රභේදයක් බවයි. මෙම වෛරස් කාණ්ඩය ඉතා භයානක අතර වාතයෙන් ව්‍යාප්ත විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වියට්නාම සෞඛ්‍ය…
පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙයි..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. උන්වහන්සේ අපවත් වන විට 68 හැවිරිදි වියේ පසු වූහ. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ, පසුගිය දා කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරුණු උන්වහන්සේ එහි…
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත නිකුත් කෙරේ..
2022 වර්ෂය සඳහා පාසල් වලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත හා උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය. ඒ අනුව නව වර්ෂයේ පාසල් සඳහා අයැදුම් කළ හැකි අවසන් දිනය ජුනි 30 වැනි දා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ජුනි 01 වැනිදා සිට මැලේසියාව වැසේ..
ජුනි මස 01 වැනි දා සිට මැලේසියාව වසා දමන බව එරට අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රකාශ කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව මැලේසියාව ජුනි 01 වැනි දා සිට 14 වැනි දා දක්වා සම්පූර්ණයෙන් වසා දැමෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා…
පාලන මිලට ගොවීන්ට පොහොර ලබා දීමට පියවර..
එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ගොවී ජනතාවට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේය. පසුගිය සති කිහිපයේම පොහොර නොමැති වීම හේතුවෙන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳව, උඩරට එළවළු ගොවීන් රජයට පැවසුවේ තමන්ට පොහොර ලබා දෙන ලෙසයි. ඒ අනුව, බදුල්ල හා…
X-PRESS PEARL නැවේ ගින්න නිවා දමයි – නැව සිසිල් කිරීම තවදුරටත්..
X-PRESS PEARL නෞකාවේ ගින්න නිවා දමා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේය. එම අධිකාරිය පැවසුවේ, නෞකාව සිසිල් කිරිමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි. නැව සම්බන්ධ ඉදිරි කටයුතු තීරණය කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කණ්ඩායම නැව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ. ඔහු ප්‍රකාශ කළේ,…
ප්‍රදේශ කිහිපයකට වැසි..
දිවයිනේ සබරගමුව සහ මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බවයි. තව ද ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ…
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි..
දිවයිනපුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 7 වනදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව පෙර දැනුම් දුන් පරිදි මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකරන බව යුද හමුදාපතිවරයා පැවසුවේය. යුද හමුදාපතිවරයා…
ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට..
සියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක් රැගත් යානය ඊයේ (27) රාත්‍රී දිවයිනට පැමිණී බව වාර්තා වේ. ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙනි. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එලෙස රැගෙන ආ එන්නත් තොගය පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින්…