
Hot News

මීනගයා පීලි පනී
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ. හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වනඅලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් බව ද වාර්තා වේ.

මි.මී 75ක තද වැසි අදත්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ…

ජෝ බයිඩන්ට පිළිකා රෝගී තත්ත්වයක්
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ. ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවය. එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 82 හැවිරිදි බයිඩන්, පසුගිය ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වූ අතර රෝගී තත්ත්වයක් පසුගිය දින…

16 වන රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ
දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4 සිට පස්වරු 6.00 දක්වා බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී එම උත්සවය පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ…

ගාසා තීරය ගැන ඊශ්‍රායලය ගත් තීරණය
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර…

දේශබන්දු අද විමර්ශන කමිටුවට
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින…

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්
අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය. යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන්…

අනියත බිය ලුණු හිඟයට හේතුවක්
ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි. ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ඇතිවෙන්න ලුණු රැසකර ඇති බවයි. තවදුරටත් අදහස් දැක්වූ නන්දනතිලක මහතා, “වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ…

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55…

ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට දිනයේ පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව රණවිරු සේවා අධිකාරිය පවසයි. එහි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කළේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවය. යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19)…